ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තම නම සහ රූපය භාවිතා කරමින් සමාජ මාධ්‍යවල පැතිරෙන AI-ජනනය කරන ලද ආයෝජන වංචා පිළිබඳව මහජනතාවට අනතුරු අඟවා තිබේ.
ව්‍යාජ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ පැරණි සම්මුඛ සාකච්ඡා දර්ශන කෘතිම බුද්ධිය යොදාගෙන සංස්කරණය කර ඇති බව සංගක්කාර පැවසීය.
මහජනතාව අවදියෙන් සිටින ලෙසත් අන්තර්ජාලය හරහා සංසරණය වන සැක සහිත ආයෝජන දැන්වීම් විශ්වාස කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

