ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාසලක ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැදි විදුහල් එළිමහන් රංග ශාලාව ලෙස වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය එලිමහන් රංගපීඨය , ගරු විදුහල්පති D.H.S.D සෝමරත්න මහතාගේ අනුදැනුම සහ මගපෙන්වීමත්, ආදිශිෂ්‍ය සංගමයේ අනුමැතිය සහ සහයෝගයත් ඇතිව ” BANDARANAYAKE CENTRAL COLLEGE- වේයන්ගොඩ facebook සමූහයේ මූලිකත්වයෙන් සහ සංවිධානයෙන්, ආදිශිෂ්‍යන්ගේ දායකත්වයෙන් 2025 ක් වූ දෙසැම්බර් මස 31 වෙනි බදාදා දින සුභ මොහොතින් අධ්‍යාපන අධ්‍යක්ෂක ( සෞන්දර්ය අංශය) වරුණ අලහකෝන් මහතා , ආදිශිෂ්‍ය, RICHMOND HILL & SHINY CRISTALS, AUSTRALIA අධිපති- ශෂිකලා එදිරිසිංහ මහත්මිය, ප්‍රවීන රංගන ශිල්පී – ජගත් චමිල මහතා, ආදිශිෂ්‍ය සංගමයේ සම ලේකම් S.P.C. චානක මහතා සහ මේ වෙනුවෙන් කැපවූ ආදිශිෂ්‍යන් විසින් විවෘත කර සිසු අයිතියට පත් කරන ලදී.
මීට සමගාමවීව, 2026 ක් වූ ජනවාරි 02 වෙනි දින තාල වර්ෂා -2 ආදිසිසූ ගී මියැසිය නව එලිමහන් රංගපීඨයේ ප්‍රථම මංගල වැඩසටහන ලෙස ආදිශිෂ්‍ය සංගමයේ අනුදැනුම මත, BANDARANAYAKE CENTRAL COLLEGE- වේයන්ගොඩ FB සමූහයේ සංවිධානයෙන් පැවත්වුනි. මෙදින, ආදිශිෂ්‍යන් සහ පාසලේ හිතැති සැම වෙනුවෙන්, ” නොමිලේ ” රසවින්දනය ලබා ගැනීමට දොරටු විවර කර තිබුණි.
විද්‍යාලයට වසර 85 ක් සපිරීම නිමිති කොට ගනිමින්, මෙම මහගු කර්තව්‍යයන් සංවිධානය කර තිබුණි.


