NEWSNOW | –
නීතිඥ මාස්. එල්. යුසුෆ් 
‘අවිහිංසාවාදී සමාජ දෘෂ්ටිවාදයක පරිණාමය සඳහා සැලකිය යුතු දායකත්වයක් සිංහල බුද්ධාගම විසින් ලබා දී නොමැත’ ජයදේව උයන්ගොඩ.
ඇතැම් සදාහරිත ගීත සේම සිංහල බෞද්ධ ජාතිකවාදය සහ වර්ගවාදය යනු මෛත්‍රියේ දේශය යැයි කියා ගන්නා ශ්‍රී ලංකවේ සැමදා සජීවීව පැවති මාතෘකාවකි. මෙම හැඟීම්වල ප්‍රධාන ලක්ෂණ වන්නේ ප්‍රවේශම, තාර්කිකත්වය සහ විෂය මුලිකත්වය නොව හැඟීම් සහ අගතිය මගින් මෙහෙයවනු ලබන අන්ධ ආවේගශීලී ක්‍රියාය.
මෙයට අමතරව, දේශපාලනඥයින්, ජාතිවාදීන් සහ තවත් විවිධ අවස්ථාවාදීන්ගේ අතේ කසයක් ලෙසද මෙය පවතියි. මෙවන් ලක්ෂණ සහිත සිවුරු පොරවා ගත් ආගමික ප්‍රධානීන් පෙරමුණ ගන්නා විට තත්වය තවත් උග්‍ර විය හැකිය. මෙවන් අවස්ථාවල බුදුරජානන් වහන්සේ, එම වහන්සේ දෙසු උතුම් ධර්මය සහ විශේෂයෙන්, විවේචනාත්මක චින්තනය සහ අන්ධ අනුගමනය ප්‍රතික්ෂේප කරන කාලාම සූත්‍රය මතකයට එමින් දැඩි සංවේගයක් සිත් තුල ඇති වේ.
බුදු දහම ජාතියකට සමාන කිරීම.
ඩෙලික්ට් නීතියට අනුව, වංචනිකව වැරදි ලෙස නිරූපණය කිරීම යනු දැනගෙනම සහ වගවිභාගයෙන් තොරව අන් අය නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමයි. මෙය දැවැන්ත ආර්ථික අලාභවලටද මග පාදනු ඇත.

බුදු දහම, අනෙක් ඇදහීම්, විවිධ ජන කොටස් ආදිය ගැන අතැම් භික්ෂුන් විසින් සිංහල ජනතාවට – විශේෂයෙන් නූගත් ග්‍රාමීය ජනතාවට – ලබා දෙනු ලබන චිත්‍රය අතිශය ව්‍යාකූලය. බෞද්ධ සංස්කෘතිය තුල භික්ෂුන් යනු බෞද්ධ ජනතාවට ප්‍රබල බලපෑම් ඇති කරන හා අතිශය ගෞරවයට පාත්‍ර වන තැනැත්තන් වන හෙයින් භික්ෂුන් කියන දේ බෞද්ධයන් එකහෙලා විශ්වාස කරති. මෙම භික්ෂූන්ගෙන් ඇතැමුන්, අහිංසක සිංහල ජනතාවගේ මනසෙහි භේදකාරී සිතුවිලි හිතාමතාම ඇති කිරීමට මෙම ස්ථාවරය භාවිතා කිරීම ඛේදජනකය. එය දේශපාලන වාසි සඳහා මෙන්ම මුදල් ඉපැයීම සහ ජාතිවාදය උසිගැන්වීමට කරනු ලබන බව පෙනේ. මෙම කාරනාව හොඳින් අධ්‍යයනය කළ විට, සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ මුවාවෙන් බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවද පෙනේ. මේ සඳහා වන පාඨය වන්නේ මෙය ‘බුදුන්ගේ දේශය’ යන්නයි. මේ අනුව ලක්දුපත අයත් වන්නේ සිංහල බෞද්ධයන්ට පමණක් බව අවධාරණය කෙරේ. මේ අනුව, බුද්ධාගම සහ මෙම පූද බිම ආරක්ෂා කිරීම සිංහළ බෞද්ධයන්ගේ මූලික වගකීමකි.
කෙසේ වෙතත් උගත් බෞද්ධයන්ගේ අදහස වන්නේ මෙම මතවාදය නියම බුදුදහමට පටහැනි බවයි. බුදුදහම දෙසන්නේ සියලු සත්වයෝ නිදුක් වේවා: නිරෝගී වේවා’ යනුවෙනි. ඒ අනුව මෙය සියලු ජීවීන්ට හා වෙසෙසින් මුළු මිනිස් සංහතියටම අදාල වේ. බුදුන් කිසි විටෙකත් සියලු සිංහලයෝ යැයි තබා සියලු බෞද්ධයෝ නිදුක් වේවා යැයි පවසා නැත.

මුස්ලිම් සහ කිතුනුවන්ට සිදුකරනු ලබන හිරිහැර
‘මෙය බුදුන්ගේ දේශයයි’ යන පාඨය ජනකොටස් අතර සහජීවනයක් ඇති කිරීමට කිසිවිටෙක උපකාරී වී නොමැත. එනමුත් මෙම පාඨය සහ එහි ගැබ්ව ඇති අන්‍යාගමිකයන් කොන් කිරීමේ රාවය මෙය මෙවලමක් බවට පත් කර ඇති ඇතැම් භික්ෂු දේශපාලනඥයන්ට සිංහළ බෞද්ධයන් කොටු කර ගැනීමට සහය වී ඇති බව නම් සැබවි. තවත් ලෙසකින් කියනවා නම්, තමන් සුවිශේෂී ජනකොටසකි’ සහ ඊශ්‍රායලය තමන්ට දෙවියන් විසින් පොරොන්දු වු භූමියකි’ යැයි යුදෙව්වන් පතුරවන මතවාදයට සමාන මතවාදයක් ප්‍රචලිත කරන්නට අන්තවාදී අදහස් ඇති සමහර බොදු සිංහලයන් වෑයම් කරති.
ඇත්තෙන්ම සිංහලයන් බුද්ධාගමේ මුරදේවතාවුන්ය සහ සිරිලක බුදුන්ගේ දේශය යන මතය නොමඟ යවන සුළුය. මෙම මතවාදය මගින් විශ්වීය බුදුදහමේ අයිතිය ලාංකික බොදු සිහලුන්ට හිමිය යන අදහස කාවද්දන්නට උත්සාහ කරනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ වාසය කරන දමිළ, මුස්ලිම් සහ බර්ගර් ජාතිකයන් නියම ශ්‍රී ලාංකිකයන් නොව ආක්‍රමණික පිටස්තරයන්ය යන අදහසද රෝපණය කරයි.

මෙම මානසිකත්වය, අනාදිමත් කාලයක් තිස්සේ මෙරට වාසය කරන අනෙක් ආගමිකයන් සහ ජනකොටස්වලට මෙරටෙහි සමාන පුරවැසි හිමිකම් ඇති බව ප්‍රතික්‍ෂේප කිරීම, ඔවුන් මර්ධනය කිරීම සහ ඔවුන්ව දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකීම සාධාරණිකරණය කරයි. මෙහි ප්‍රතිවිපාකයක් ලෙසින් කතෝලිකයන් සහ ක්‍රිස්තියානීන් වැනි ආගමික සුළුතර කොටස් දැඩි වෙනස්කම් කිරීම්වලට මුහුණ දුන් අකාරය සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ප්‍රහාරවලට ලක් වුනු ආකාරය අප දැක ඇත්තෙමු.
මේ අනුව ඇතැම් පෙදෙස්වල මෙම සුළුතර ආගමික ජනකොටස් තම ආගමික වතාවත්වල යෙදෙන්නේ චකිතයකින් යුතුවය.
දේශපාලන විද්‍යාඥ මහාචාර්ය නීල් ද වොට්ටා මෙසේ පවසයි: සිංහල බෞද්ධයන්ව ජාතිකවාදයට යොමු කරන මූලික මතවාදය වන්නේ සිරිලක යනු සිංහළ බෞද්ධයන්ට පමණක් හිමි දේශයක්ය සහ මෙහි සුළුතර අන්‍යාගමිකයන් වාසය කරන්නේ බොදු සිහලුන්ගේ ඉවසාදරාගැනීම මතය යන විශ්වාසයයි. මෙම විශ්වාසය නිතැතින්ම සිංහළ බෞද්ධයන්ට සුවිශේෂී වරප්‍රසාද ලබා දෙන බවත්, අනෙකුත් ආගම්වල අයට වෙනස්ව සැලකීමට අවසර දෙන බවත් අවධාරණය කර ඒ අනුව සුළුතර ජනකොටස් මත සිංහල බෞද්ධ අධිපත්‍යය සාධාරණීකරණය කරයි. (ප්‍රතිපත්ති අධ්‍යයන 40: සිංහල බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදය).

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියලුම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කර ඇති නමුත්, බොහෝ අවස්ථාවන්හිදී, එය පොතට පමණක් සීමා වු බව නොරහසකි. වෙනස්කම් කිරීම හා බැඳි නීති සහ වෛරී කථනවලට එරෙහි නීති දුර්වල ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති හා පවතින අතර එය දිනෙන් දින වඩාත් නරක අතට හැරෙමින්ද තිබේ. මෙය ජාතිවාදය පෝෂණය කිරීමට සුවසේ ඉඩ සලසා දී ඇත. එපමණක් නොව, පොලිසිය ඇතුලු රජයේ ආයතන පවා එහි පාර්ශවකරුවන් බවට පත්ව ඇත.
සිංහළේ සහ අසබීය්යා
2009 කොටින් පරදවා යුද්ධය ජයග්‍රාහීව අවසන් කළ පසු, එහි ජයග්‍රහණයෙන් මත් වී අනෙකුත් සුළුතර වාර්ගික හා ආගමික කොටස්වලට එරෙහි ව්‍යාපාරය තීව්‍ර විය. ජයග්‍රහණයේ හැඟීමකින් සහ අනෙකුත් ප්‍රජාවන් පහත් කොට සලකනිසිංහ ලේ’ිමෙය බුදුන්ගේ දේශයයි’ිමම බෞද්ධයෙක්මි”. බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙමි”’ වැනි වැකි සඳහන් ස්ටිකර් වාහනවල පිටුපස අලවා තිබෙනු සුලබ දසුනක් විය.
මෙම උද්යෝගී මානසකත්වයට අරාබි බසින් අසබිය්යා’ යැයි කියනු ලැබේ.
අසබිය්යා ගැන පහළොස්වැනි සියවසේ වාසය කළ හා සමාජවාදයේ පියා’ යැයි විරුදාවලි ලත් ප්‍රකට අරාබි මුස්ලිම් වියතෙකු වු ඉබ්නු කල්දුන් පැවසුවේ එය උද්යෝගිමත් සාමූහික අනන්‍යතාවයේ නව ප්‍රභවයක් මගින් අවුලුවන සහ සහයෝගීතාවය ඇති කරන නමුත් සමගියට හානි ඇති කරන අහිතකර සංකල්පයක් බවයි.
බෙදුම්වාදි දමිළුන් මර්දනය කිරීමෙන් පසු බොදු සිහළ ජාතිකවාදීන්ගේ අවධානය මුස්ලිම්වරුන් වෙත යොමු විය. යුද්ධයෙන් පසු සමයේදී මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පෙර නොවූ විරූ ඉස්ලාම් භීතික වෛරී ව්‍යාපාරයක් දියත් වනු දක්නට ලැබුනේ මෙහි දෝංකාරයක් ලෙසිනි. මේ සැමට ඇතැම් භික්ෂූ කණ්ඩායම්වල මෙන්ම සිංහල ජාතිකවාදී දේශපාලන පක්ෂ සහ එවන් සංවිධානවල සහය නොමඳව ලැබුනි. එය හිතාමතා, ද්වේෂසහගතව, හොඳින් සැලසුම් කර කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන ලදී. සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර අවිශ්වාසය ඇති කිරීම සහ මුස්ලිම් ප්‍රජාව ආගමික හා සංස්කෘතික වශයෙන් ඒකාකෘතිකරණය කරන ලද අතර තත්වය තවත් උග්‍ර කිරීමට ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ද කටයුතු කළේය. භීතිය පදනම් කරගත් ප්‍රවෘත්තිවල සාර්ථකත්වය රඳා පවතින්නේ විද්‍යාත්මක සාක්ෂි වෙනුවට නාට්‍යමය කථා ඉදිරිපත් කිරීම සහ ඇතැම් ජනකොටස් භයානක ලෙස නිරූපණය කිරීම මත ය’ (සයිකලෝජි ටුඩේ). මේ අනුව මුස්ලිම්වරුන් යනු බිහිසුණු ත්‍රස්තවාදීන් සහ දේශද්‍රෝහීන් යැයි නිරූපණය කිරීම මගින් මුස්ලිම් ද්වේෂ ව්‍යාපාරය සාර්ථකව සාක්ෂාත් කර ගන්නා ලදී.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අභියෝගය
ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ජාතිවාදයේ ගැටලුව ඵලදායී ලෙස විසඳීමට නම් බුද්ධිමතුන්, ශාස්ත්‍රඥයින්, ආගමික ප්‍රධානීන් සහ සිවිල් සමාජ නියෝජිතයින්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් රජය ස්ථාපිත කළ යුතුය. තවද, ජාතිවාදි ක්‍රියා රෝපණය වන මුලාශ්‍ර, එහි ව්‍යාප්තිය සහ වර්ධනය ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙම මණ්ඩලයට නීත්‍යානුකූලව බලය පැවරිය යුතුය. විශේෂයෙන් ජාතිවාදය උසිගැන්වීමට දේශපාලනය සහ ආගම අවියක් කරනු ලැබීම නිරීක්‍ෂණය කිරීමට බලය තිබිය යුතුය. එසේම සංහිඳියා අරමුණු ඇති යහපත් භික්ෂූන් වහන්සේලා සහ එවන් පන්සල්වලින් මෙම ව්‍යශනය පාලනය කිරීමට ලබා ගත හැකි දායකත්වය ගැනද මෙම මඬුල්ල සොයා බැලිය යුතුය. තවද වාර්ගික සහ ආගමික සුළුතරයන්ගෙන් ඇතැම් සාධක නොදැනුවත්වම ජාතිවාදයට ඉවහල් විය හැකි ආකාරයද මෙම මණ්ඩලය අධීක්‍ෂණය කළ යුතුය. මේ සැම සඳහා පර්යේෂන අධ්‍යයන වාර්තාවලින් මගපෙන්වීම් ලබා ගත හැකිය.
පක්ෂග්‍රාහීත්වය සහ අගතිය ඇති කරන උග්‍ර ජාතිවාදය අනාගත තරුණයන්තගේ මනසින් මුළුනුපුටා දමනුවස් විවිධ සුළුතර ජනකොටස්වල පුද්ගලයන් විසින් දැය වෙනුවෙන් සිදු කළ කැපවීම් සහ ලබා දුන් දායකත්වය ඉස්මතු කර පෙන්වන වෘතාන්ත ඉතිහාසය සහ සංස්කෘතිය වැනි පාසැල් විෂයයන් සඳහා වන පෙළ පොත්වලට එක් කිරීමද වැදගත් කටයුත්තකි.
එසේම, සමාජ විද්‍යාව, නීතිය, මාධ්‍ය සහ මනෝවිද්‍යාව වැනි ක්‍ෂේත්‍රවලින් බහුවිධ විශ්ලේෂණ ඇතුළත් කළ යුතුය. පක්ෂග්‍රාහීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා මාධ්‍ය නියාමනය සමඟ සංසද සහ අධ්‍යාපන ව්‍යාපාර හරහා මහජන සහභාගීත්වය ඒකාබද්ධ කළ යුතුය. තවද, ඉහත යෝජිත මණ්ඩලයිආයතනික ජාතිවාදය’ ගැනද විමසිල්ලෙන් සිටිය යුතු අතර මේ සැම සඳහා වාර්ෂික වාර්තාද ප්‍රකාශයට පත් කළ යුතුය. එමෙන්ම නීතිමය ආරක්ෂා ශක්තිමත් කිරීමට සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට ප්‍රතිපත්තිමය වෙනස්කම්ද නිර්දේශ කිරීමට මෙම මඬුල්ල කටයුතු කළ යුතුය.
ක්‍රමානුකූල වර්ගවාදය බිඳ දමා වචනාර්ථයෙන්මිපොහොසත් රටක්: ලස්සන ජීවිතයක්’ ගොඩනැගීම සඳහා මෙවන් පුළුල් හා අන්තර්කරිත ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීම වර්තමානයෙහි ජාතික ජන බලවේග රජයට ඇති මුලික අභියෝගයකි
(නීතිඥ මාස්. එල්. යුසුෆ් (ගෞරව) ලන්ඩන් (හිටපු සමාගමික සහ නීති උපදේශක) නෛතික ප්‍රතිසංස්කරණය ආගමික සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය වැනි විෂයයන් සම්බන්ධව අදහස් දක්වමින් මොහු නිතර ලිපි පළ කරයි.

