NEWSNOW| – ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක House of Religions ආයතනය යනු ගෝලීය මට්ටමින් අන්තර් ආගමික කටයුතු ප්‍රවර්’ධනය කරන විශිෂ්ට ආයතනයකි.
මෙම ආයතනය පුත්තලම දිස්ත්‍රික් සර්’වාගමික සංගමය සමඟ සමීප සබඳතාවක් පවත්වයි.
මෙම ආයතනයේ නියෝජිතයින් මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම ආගම් අතර පවතින දැඩි සමීපභාවය සහ ඔවුන් අතර සිදුවන අනෙකුත් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පුත්තලම ප්‍රදේශයේ සර්’වා ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අදහසක් ඉදිරිපත් කළේය.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා සමඟ හමුවක් සංවිධානය කර ඇති අතර ඉන් අනතුරුව කොළඹ ස්විට්සර්’ලන්ත තානාපති කාර්’යාලයේ තානාපතිනී ආචාර්’ය සිරි වෝල්ට් මහත්මිය ඇතුළු නිලධාරීන් සමඟද සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වීය.
මීට අමතරව සංස්කෘතික කටයුතු ඇමති ආචාර්’ය සුනිල් සෙනෙවි මහතා සමඟද මෙම සර්ව ආගමික කණ්ඩායම ඔහුගේ අමාත්‍යංශ කාර්යාලයේ දී සාර්ථක සාකච්ඡාවක් පවත්වමින් ඔහු පැවසුවේ මේ සඳහා රජයේ උපරිම සහය සහ දායකත්වය ලබා දෙන බවයි.
මෙම රැස්වීම්වලදී ඒ ඒ පාර්’ශවයේ නියෝජිතයින් මෙම යහපත් ක්‍රියාදාමය පිළිබඳව ඔවුන්ගේ ප්‍රශංසාව පලකළ අතර තම පාර්’ශවයෙන් සහ රජයේ පාර්’ශවයෙන් මෙවැනි වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට තමන්ට කළ හැකි දායකත්වය සහ සහය පිළිබඳවද එකඟතාවය පල කළේය.
ස්විට්සර්’ලන්ත සර්’වආගමික මධ්‍යස්ථානය වෙනුවෙන් බහු ආගමික මන්දිරයේ සහ සයිවිස්ගේ සම්බන්ධීකාරක සිවරුසි ධර්’මලිංගම් සසිකුමාර් සහ ස්විට්සර්’ලන්තයේ සිට ස්විට්සර්’ලන්ත සර්’ව ආගමික පීඨයේ විධායක කමිටු සාමාජිකා ලාවන්‍යා ඉලක්සුමනන් මහත්මිය ද සහභාගී විය.
පුත්තලම දිස්ත්‍රික් සර්වාගමික සංවිධානය වෙනුවෙන් පූජ්‍ය සුදස්සී හිමි, සුන්දර්’රාම කුරුක්කල්, කෙනඩි පියතුමා, අෂ්ෂෙයික් අබ්දුල් මුජීබ් ඇතුළු එම සංවිධානයේ සාමාජිකයෝ මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සාකච්ඡාවලට සහභාගි වූහ.
2016 වසරේ සිට පුත්තලම නගරයේ ක්‍රියාත්මක වන පුත්තලම සර්’වමාතා සංවිධානය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව ආදර්’ශමත් සහජීවන සහ සංහිඳියා කටයුතු සිදු කරමින් සිටීම විශේෂත්වයකි.