ඉන්දියාවේ බාබේරි පල්ලිය බිඳ වසර 32 ක් සපිරේට

0
83

NEWSNOW| – මීට වසර 32 කට පෙර එනම් 1992 දෙසැම්බර් 6 වන දින හින්දු ජාතිවාදීන් දහස් ගණනින් එක්ව පොලිසිය සහ හමුදාව බලා සිටින විටම සහ ඔවුන්ගේ කැමැත්ත ඇතිව උත්තර් ප්‍රදේශ්‍යා අයෝධ්‍යාවේ 16 වන සියවසෙහි ඉදි කරන ලද පෞරණික අගයක් ඇති මුස්ලිම් පල්ලියක් වන බාබේරී පල්ලිය කඩා දැමූහ. එසේ එම සැහැසි ක්‍රියාව කරන ලද්දේ එම ස්ථානයේම පල්ලියට පෙර ඉපැරණි රාම කෝවිලක් තිබුනු බවට තර්’ක කරමිනි.

මධ්‍ය කාලීන යුගයෙහි පළමු මෝගල් අධිරාජ්‍යයා වන බාබර්ගේ පාලන සමයෙහි ඉදිකරන ලද එම මුස්ලිම් පල්ලිය කඩා දැමීම, ඉන්දියාව පුරා මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය ඇවිලි රජයේ කිසිදු මැදිහත්වීමකින් තොරව මාස ගණනාවක් පුරා පැවතුණි.

1947 ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඇති වූ දරුණුතම මුස්ලිම් ව්රෝධී කෝලාහලය යැයි විරුදාවලි ලත් මෙම කෝලාහලය නිසා 2,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර ඔවුන්ගෙන් අති බහුතරයක්ම සුළුතර මුස්ලිම්වරුන්ය. නරේන්දු මෝඩ්ගේ භාරතීය ජනතා පක්‍ෂ රජය මෙවිට බකංනිලාගෙන සිටියේ එය සැලසුම් සහගතව අවුලන ලද්දේ මෝඩි විසින් වීම නිසාය. කෝලාහලයට කාරණය මෝඩි රජය යැයි අධිකරණයේ නඩු පවරන ලද අතර වසර තිහක් පමණ විභාග වුණු එම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ එය කුමන්ත්‍රණයක් නොව මහජන කැළඹීමක් යැයි තීන්දු කරමින් මෝඩ් රජයේ වැදගත් මැති ඇමතිවරුන් 32 ක් නිදොස් කර නිදහස් කරමිනි. නඩුත්, බඩුත් හාමුදරුවන්ගේම නිසා මෙයට වඩා වෙනස් තීන්දුවක් ලොව බලාපොරොත්තු වුයේද නැත. කෙසේ වෙතත් පල්ලිය කැඩීම සාපරාධි ක්‍රියාවක්ම යැයි 2019 නොවැම්බර් මස ඉන්දීය උපරිමාධිකරණය තීන්දු කළේ මෙම සැහැසි සිදුවීම් මාලාව දෙස බාහිර ලෝකයා විමසිල්ලෙන් බලා සිටන තත්වයක යම් පමණකට හෝ භාරතයේ යහනාමය බේරා ගන්නට සිතූ නිසා විය හැකිය.

පසුව වසර පහකට පෙර අධිකරණය විසින් ප්‍රශ්නගතව පැවති බාබේරි පල්ලිය පිහිටි අක්කර තුනක පමණ ඉඩම හින්දූන්ට හිමි කර දුන්නේය.

එයිනිබ් 2020 වසරෙහි දැවැන්ත ඔල්වර හා ප්‍රචාර සමග අයෝධ්‍යාවේ රාම කෝවිල ඉදිකරීමේ උත්සවය මෝඩ් විසින් පවත්වනු ලදී. පසුව කෝවිලේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ වීමටත් පෙර කඩිමුඩියේ 2024 ජනවාරි 22 එය මෝඩ් උත්සවාකාරයෙන් විවෘත කළේ මහ මැතිවරණයක් ළං වෙමින් තිබුණු නිසාය.

එනමුත් පසුව පැවති මහ මැතිවරණයෙන් මෝඩිඩ්ගේ පක්ෂය දැඩි පසුබෑමකට ලක්වී රජයක් පිහිටුවන්නට සුළු පක්‍ෂ වලද සහය ලබා ගන්නට සිදු වුයේ ජාතිවාදය ඇවිස්සීම ඡන්ද දිනන නිසැක සුත්‍රයක් නොවන බව මෝඩ්ට එත්තු ගන්වමිනි.

කෙසේ වෙතත් සිය ජාතිවාදි තූරුම්පුව භාවිත කිරීම මෝඩි අත්හල බවක් නොපෙනේ. එයට හේතුව මෝඩි සන්තකයේ වෙන තුරුම්පු නැති වීමයි. මුස්ලිම් විරෝධී ක්‍රියාවලටම වැඩි අවධානයක් මෝඩි යොමු කරමින් සිටි නිසා ග්‍රාමය දරිද්‍රතාවය සහ විරැකියාව ඉන්දියාවේ දරුණු වන්නට විය. එපමණක් නොව ඇමරිකාව ඇතුලු යුරෝපා රටවල විරසකය චීනය වෙත එල්ල වෙමින් තිබෙන තත්වයක නිෂ්පාදන කටයුතු සඳහා ඔවුන්ට ඇති හොඳම විකල්පය ලෙස භාරතය ස්ථාන ගත කිරීමටද මෝඩි රජය අපොහොසත් වීම නිසා කළකිරුනු තරුණ සහ උගත් කොටස් මැතිවරණයෙහි මෝඩිව ප්‍රතික්‍ෂේප කළහ. මෙම තත්වය නිසා ජාතිවාදය මතම එල්ලෙමින් දැලි පිහියෙන් කිරි කන්නා සේ මෝඩි කටයුතු කරමින් සිටියි. ඒ අනුව බරනැස් හෙවත් වාරණාශි යැයිද හඳුන්වනු ලබන වත්මන් කාශි නගරය සහ මතුරා නගරයේ ඇති පුරාණ මුස්ලිම් පල්ලි කිහිපයක්ද කඩා දමා එහි හින්දු කෝවිලේ ඉදි කරන්නට මෝඩි කුමන්ත්‍රණ කරමින් සිටියි.

මේ අනුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සම්භල් නගරයේ පිහිටි ඉපැරණි මුස්ලිම් පල්ලියක් හින්දු අන්තවාදීන් විසින් ඉලක්ක කරනු ලදුව එය අතීතයේ ඉදි කරන ලද්දේ හින්දු කෝවිලක් තිබූ තැනකදැයි සොයා බැලීමට විශේෂඥ කණ්ඩායමක් එහි පැමිණ ඇත. එනමුත් එයට ප්‍රදේශවාසී මුස්ලිම්වරුන් විරුද්ධ වුයේ එම විශේෂඥ කණ්ඩායම සමග පැමිණි පිරිසක් ජෙයි ශ්‍රී රාම්’ යැයි හඩ නගමින් සිටීම පෙන්වා දෙමින් හා මෙම පරීක්ෂණයෙන් සාධාරණයක් ඉටු නොවනු ඇත යැයි අවධාරණය කරමිනි.

මෙයට අමතරව භාරතයේ අගනුවර වන නව දිල්ලියේ ඓතිහාසික මුස්ලිම් ජුම්මා පල්ලිය මෙන්ම අමීර් නගරයේ පිහිටි මුස්ලිම් ශාන්තුවරයෙකුගේ සුප්‍රකට ‘දර්ගාව හෙවත් සොහොන බිඳ දැමීය යුතුය යැයිද හින්දු අන්තවාදීන බල කරමින් සිටිති.

1991 වසර දේවස්ථාන පනත

සියලුම ඇදහීම් වලට අයත් දේවස්ථාන වලට ආරක්‍ෂාව ලබා දෙන අරමුණින් සම්මත කර ගත් පනතක් *1991 වසර දේවස්ථාන පනත’ නමින් භාරතයේ තිබෙන නමුත් එය හුදු කඩදාසියක් බවට පත් කළේ මුස්ලිම් භීතිකාවෙන් පෙළෙන හිටපු අගවිනිසුරු ඩී .වයි. චන්ද්‍රවූද් යැයි වියතුන් චෝදනා කරති. එය ‘ නෙන්වාපි තීන්දුව’ යැයි පසුව ප්‍රකට වුනු ඔහු විසින් ලබා දෙන ආන්දෝලනාත්මක තීන්දුවක් නිසාය. අතීතයෙහි හින්දු කෝවිලක් තිබුණු තැනෙක ඉදි කරන ලද්දේ යැයි චෝදනා නගමින් මුස්ලිම් පල්ලියක් කඩා දැමීමට පළමු වරට අවසරය ලැබුනේ එම නඩු තීන්දුවෙන් වු අතර එයින් පසු පහළ අධිකරණ වලට සමාන තීන්දු ලබා දීම පහසු විය. ඒ අනුව හින්දු අන්තවාදීන් භාරතය පුරා පිරමින් එවන් මුස්ලිම් පල්ලි සොයමින් එම පල්ලා කඩා එහි නැවතත් හින්දු කෝවිලේ ඉදි කළ යුතුය යැයි කෝලාහල කරන්නට වුහ. මෙයට මෝඩි රජයේ ආශිර්’වාදය සහ අනුග්‍රහය නොමඳව ලැබෙමින් පවතියි.

කිසිදු දේවසථානයක් එය 1947 අගෝස්තු 15 දිනට පැවති ස්වරූපය වෙනස් කළ නොහැකිය යැයි අවධාරණය කරන ‘1991 වසර දේවස්ථාන පනත සම්මත කරන ලද්දේ ජාතිවාදි කලබල නිසා එවන් අවදානමක් භාරතයේ නිර්ම ණය වෙමින් පැවති තත්වයකය.

මෝඩිගේ පඹයෙක් මෙන්ම අගවිනිසුරුව සිටි ඩී. වයි. චන්ද්‍රවූද් ඇතුලු විනිසුරු මඩුල්ලක් විසින් 2023 වසරෙහි නෙන්වාපි පෙදෙසේ මුස්ලිම් පල්ලියක් ඉදි කරන ලද්දේ හින්දු කෝවිලක් කඩා දමාද යැයි සෙයා බලන්නට විශේෂඥ කණ්ඩායමක් පත් කරන්නට නියෝග කිරීමත් සමගම එවන් මතයන් අනුව පවතින මුස්ලිම් පල්ලි කඩා දමා හින්දු කෝවිලේ ඉදිකිරීමේ සාපරාධි ක්‍රියා ඉන්දියාවේ උත්සන්න වන්නට විය. මෙය සාධාරණීකරණය කරමින් චන්ද්‍රවූද් පවසන්නේ උක්ත පනතෙන් පවතින දේවස්ථානයක් වෙනස් කළ නොහැකි යැයි නිර්දේශ කරන නමුත් අතීතයේ පැවති එහි නීතනනුකූල හිමිකම සොයා බලා සාධාරණයක් ඉටු කිරීමට එමගින් බාධාවක් නොවන බවයි.

කෙසේ වෙතත් මෙම මතවාදය සමග අයෝධ්‍යාවේ පිහිටි බාබර් පල්ලිය සම්බන්ධ ලබා දෙන ලද තීන්දුවට පටහැනි වෙයි. එයට අත්සන් තැබූ විනිසුරු මඩුල්ලේ චන්‍ද්‍ර වූද් එක් සාමාජිකයෙකු විය.

ගනන්වාපි මුස්ලිම් පල්ලි පරිශ්‍රයෙහි තවමත් හින්දූන් විසින් දෙවියන් යැයි විශ්වාස කරන දේවල පිළිම එලෙසින්ම තිඛෙන නිසා එහි ගොස් වන්දනාමාන කිරීමට අවසර ලබා දෙන මෙන් හින්දු භක්තතිකයන් පස් දෙනෙකු වාරනාශි සිවිල් අධිකරණයක නඩුවක් ගොනු කළ අතර එයට විරුද්ධව එම පල්ලියේ දායක සභාව අභියාචනාවක් ඉදිරි පත් කළේය.

පසුව උක්ත පනතේ ව්‍යවශ්ථා තත්වයට අභියෝ කරමින් භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රධානියෙක් මෙන්ම නීතීඥයෙකුද වන අශ්වීන් කුමාර් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ඉදිරිපත් කළ අතර 2022 දී, චන්ද්‍ර වුද් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පනතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන ලද එම පෙත්සම විභාගය සඳහා භාරගත්තේය. පෙත්සමට ප්‍රතිචාර වශයෙන් දිවුරුම් ප්‍රකාශයක් ගොනු කිරීමටද විනිසුරු මඩුල්ල මධ්‍යම රජයට කල් ලබා දුන්නේය.

2023 ජූලි මාසයේදී මෙම පෙත්සම විභාග කරන අතරතුර, ඉන්දියාවේ අගවිනිසුරු චන්ද්‍රචූද්, විනිසුරු ජී.එස්.නරසිංහ සහ විනිසුරු මනෝජ් මිස්රා ආදීන් කියා සිටියෙ රට පුරා විවිධ උසාවිවල විභාග වෙමින් පවතින විවිධ සමාන නඩු සහ නීතිමය කටයුතු පෙන්වා දමින් 1991 පූජනීය ස්ථාන (විශේෂ විධිවිධාන) පනත මගින් බ්ලැන්කට් අත්හිටු වීමට නියෝග කිරීම සඳහා තමන්ට උපදෙස් දිය නොහැකි බවයි.

2023 දෙසැම්බර් මස උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙහි මතුරා නගරයෙහි ෂාහි ඉඩිගා මුස්ලිම් පල්ලිය හින්දු කෝවිලක් තිබුණු තැන ඉදිකරන ලද්දේද යැයි පරීක්ෂා කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට ඉඩ දෙමින් අලහබාද් මහාධිකරණය දුන් නියෝගය අත්හිටු වීමට ඉදිරිපත් කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙයට පෙර අලහබාද් මහාධිකරණයේ නියෝගයට මැදිහත් වීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරනාශියේ ග්‍යාන්වාපි මුස්ලිම් පල්ලියේ සිදු කිරීමට නියමිත සමාන සමීක්ෂණයක් අනුමත කළේය.

මාධ්‍යවේදීන්, විද්වතුන් සහ නීතීඥයින් රැසක් චෝදනා කරන්නේ ඕනෑම කෙනෙකුට මුස්ලිම් පල්ලි පිළිබඳ සමීක්ෂණයක් ඉල්ලා සිටීම හිටපු අගවිනිසුරු චන්ද්‍ර වුද් පහසු කර ඇති අතර එමඟින් එවැනි ආරවුල් යටපත් කිරීම ඉලක්ක කරන 1991 දේවස්ථාන පනතේ හරය දුර්වල කිරීම මගින් රට පුරා කෝලාහල්වලට මග පාදා ඇති බවයි.