NEWSNOW | – 2024 මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්නගේ නම අපේක්ෂක ලැයිස්තුවේ නොමැති බව වාර්’තා වෙයි.
සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්’යාලයට ඉදිරිපත් කරන ලද අපේක්ෂක ලැයිස්තුවේ ඇයගේ නම නොමැති බව හෙළිව තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී සජබය වෙනුවෙන් දේශපාලන වේදිකාවේ හඬක් නැගූ පාක්ෂිකයෙකු වන දමිතා අබේරත්න පසුගිය අඟහරුවාදා නාමයෝජනා පත්‍රයට අත්සන් කළේය. තම නම ඉවත් කිරීම පිළිබඳව නිළිය දැනගත්තේ අද(11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්’යාලයට පැමිණි පසුවයි.
දමිතා අබේරත්නගේ නම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජබ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ කියා සිටියේ ඇයගේ නම ඇතුළත් නොකිරීමට රත්නපුර දිස්ත්‍රික් සාමාජිකයින් තීරණය කර ඇති බවයි.