NEWSNOW| – කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ
ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය.
වෙල්ගම මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය.
ඔහු 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්විය.