ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලිය ගිනි ගන්නා ආකාරයේ AI වීඩියෝවක්

0
156
NEWSNOW | –  අල්-අක්සා මුස්ලිම් පල්ලිය යනු නැගෙනහිර ජෙරුසලමේ පිහිටි මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ පල්ලියකි. මෙම පල්ලිය ජාත්‍යන්තරය භාරයේ ඇති එකක් වන අතර එය ඊශ්‍රායලයට සහ පලස්තීන යන දෙරටටම අයිති ශුද්ධ වූ ස්ථානයක් ලෙස සැලකේ.
ඊශ්‍රායල් වැසියන් පවසන්නේ මෙය ඔවුන්ගේද ශුද්ධවූ දේවස්ථානයක් වන ‘ටෙම්පල් මවුන්ට්’ වන බවයි. නමුත් එම මුස්ලිම් පල්ලිය ගිනි ගන්නා ආකාරයේ AI වීඩියෝවක් මේ වන විට ඊශ්‍රායලය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම වීඩියෝව නිකුත් කරමින් ඔවුන් සන්ධාන කර ඇත්තේ ‘මේ දිනය ළඟදීම පැමිණෙන බවයි. ඊශ්‍රායල සමාජයේ අන්ත දක්ෂිණාංශික කොටස් මුස්ලිම් ශුද්ධස්ථානය විනාශ කිරීමට බොහෝ කලක සිට උත්සාහ දරමින් සිටීයි.
නිවේදනයක් නිකුත් කරමින් CAIR ජාතික විධායක අධ්‍යක්ෂ Nihad Awad මෙසේ පැවසීය.
“රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඊශ්‍රායල අන්තවාදීන් ශුද්ධ වූ අල්-අක්සා පල්ලිය විනාශ කරන බවට තර්’ජනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. මානව ශිෂ්ටාචාරයේ එක් නිධානයක් විනාශ වීම වැළැක්වීමට ක්‍රියාමාර්’ග ගැනීම ජාත්‍යන්තර ප්‍රජාවට සහ විශේෂයෙන් ඉස්ලාමයේ ශුද්ධ ස්ථාන ආරක්ෂා කිරීම සඳහා මුස්ලිම් බහුතරයක් සිටින ජාතීන්ට වගකීමක් ඇත. අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල ආන්ඩුව විසින් පලස්තීන ජනතාව ගාසා තීරයේ භෞතික ජන සංහාරය අවසන් කළ යුතු සේම, ජෙරුසලමේ සංස්කෘතික ජන සංහාරයක් ලුහුබැඳීමේ තර්’ජන ද අවසන් කළ යුතුය.
CAIR මීට පෙර ඊශ්‍රායල තර්’ජන සහ අල්-අක්සා පල්ලියට එල්ල කරන ප්‍රහාර හෙළා දුටු බව ඔහු සඳහන් කළේය.