සිංහල අලුත් අවුරුද්දට අවුරුදු බෝනස් එකක්

0
441

NEWSNOW | –  සිංහල අලුත් අවුරුද්ද සඳහා අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව එම මුදල මාස දෙකක් ලබාදීමට රජය තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(29) අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව ලක්ෂ 31කට ආසන්න පිරිසකට මෙම 5000 සේ දීමනාව ලබාදීමටයි තීරණය කර ඇත.

සිංහල අවුරුදු බෝනස් ලෙස අදාළ මුදල ලබාදෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.