Breaking News
testing first-class
testing first-class

ගුවන් යානාවල පළමු පංතියේ නොමිලේ ගිහින් ලොව සැපම ජොබ් එක කරන 20 කොල්ලා (Photos)

ගොඩක් තරුණයෝ එයාලගේ පොකට් මනීවලින් කරන්නේ ගමන් බිමන් යන එක සහ ඇඳුම් ගන්න එකයි.

නමුත් Alex Macheras කියන තරුණයා නම් එහෙම කරන්නේ නෑ. මොකද ඔහුට ආකාශ තරණය කරන්න ලැබෙනවා නොමිලේම. ඒ කියන්නේ කවුරුත් නොගිය අලුත්ම අලුත් ගුවන් යානා වල එහෙට මෙහෙට යන්න අවස්ථාව ඔහුට හිමි නිසා.

Alex Macherasගේ වයස තාමත් අවුරුදු 20 යි.

අලුතෙන් හදපු ගුවන් යානාවල පළමු පංතියේ ගමන් කරලා එකේ තත්ත්වය සහ සුවපහසුව ගැන පාරිභෝගිකයන් දැනුවත් කිරීම තමා මොහුගේ රාජකාරිය. කෙටියෙන්ම කියනවා නම් මොහු වැඩ කරන්නේ ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගමක.

ඉතින් ඒ සමාගමේ හදන අලුත් ගුවන් යානාවල පළමු පංතියේ ඉස් ඉස්සෙලාම යන්න වාසනාව තියෙන්නේ Alex Macheras ට.

එම ගුවන් ගමනේදී ඔහු හැමදෙයක්ම පරික්ෂා කරනවා, කෑම බීම, සැප පහසුව, ගුවන් සේවිකාවන්ගේ සැලකිල්ල වගේ දේවල්.

මේක ඔහුගේ ජොබ් එක. ඒ වගේම ඔහු මේ ගැන සිය Instagram සහ  Twitter ගිණුම්වලත් පළ කරනවා.

Alex නම් කියන්නේ ඔහු මේ රැකියාව කරන්නේ ඉතාමත් සතුටින් කියලා. මේ වගේ ජොබ් එකක් හම්බෙනවා නම් මොන දුකක්ද නේ….

මාසෙට මිලියන 5කට වඩා මුදලක් Alexට ලැබෙනවා.

වයස අවුරුදු 14දි ඔහු BBC, Sky News වල වැඩ කරලා තියෙනවා.

ලොව සුපිරිම ගුවන් සමාගමක හිමිකරු වන Richard Branson තමා ඔහුගේ වීරයා. ඔහු ඒ වීරයා ඇත්තටම හම්බෙන්න තරම් වාසනාවත් ලැබිලා.

මේ තරම් වාසනාවන්ත, සැප, කිසි කරදරයක් නැති මේ අපුරු ජොබ් එක කරන Alex තාමත් වයස 20ක පුංචි කොල්ලෙක්..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)