Breaking News

Facebook වෙනස් වෙන ලකුණු

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩෙවියක් වන ෆේස්බුක් ඔස්සේ දේශපාලනික හා ආගමික කරුණු පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන සංවිධානාත්මක ගිණුම් අත්හිටුවීමට එහි හිම්කරු මාක්ස් සකර්බර්ග් පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා .

ඒ අනුව ඉදිරියේදී එවැනි ගිණුම් සඳහා නව නීති සම්පාදනය වනු ඇති.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ෆේස්බුක් මුලස්ථානයේ සිට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි දේශපාලනික හා ආගමික කරුණු පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් මේ වන විට ලොව බොහෝ රටවල සාමයට හා සහයෝගීතාවයට බාධා ඇතිවී තිබෙන බවයි.

මේ හේතුවෙන් ඒ සඳහා පිළියමක් ලෙස ෆේස්බුක් සඳහා අලුතින් පිරික්සුම් ලේබල් ක්‍රමවේදයක්ද හඳුන්වාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එමගින් සිදුවන්නේ ව්‍යාජ තොරතුරු හුවමාරු වීමේදී ඒ බව පාඨකයින් හට පැමිණිලි කිරීමට අවස්තාවක් හිමිවීමයි.

මේ අතර වැරදි තොරතුරු ප්‍රචාරය සඳහා අකුරු කිහිපයක් වෙනස් කර ලොව ප්‍රධාන පුවත් වෙබ් අඩවි නම් වලට සමාන ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුම් තමන් විසින් සම්පුර්ණයෙන්ම ඉවත් කරන බවට මාර්ක් සකර්බර්ග් වැඩි දුරටත් සඳහන් කරනවා.

මෙම නව ක්‍රම වේදය මුලින්ම ඇමරිකාවේ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය ඇමරිකානු ජනපතිවරණ කාලසීමාවේදී ෆේස්බුක් මගින් එරට ප්‍රධාන අපේක්ෂකයින් විසින් සංවිධානාත්මකව ප්‍රචාරය කර හරින ලද අසත්‍ය තොරතුරු පිලිබඳව ෆේස්බුක් සමාගමට එරෙහිව පැමිණිලි රාශියක් ලැබීම , සකර්බර්ග් විසින් මෙවැනි වෙනස්කමක් සඳහා යොමුවන්නට ප්‍රධානතම හේතුව බවට විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)