Breaking News

දවසේ සිද්ධිය

කුමාර ගුණරත්නම් ට ලංකාවේ පුරවැසිභාවය

ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත නායකයකු ලෙස කටයුතු කල කුමාර ගුණරත්නම් හට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායකවරයා වන ඔහුට නොයෙල් මුදලිගේ නමින් ලබාගෙන ඇති ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරමින් මෙරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා. Please follow and like us:

Read More »

සයිටම් එකට කෙලින්න හදන උන්ට අදත් කඳුළු ගෑස්

සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද කොළඹදී සංවිධාන කළ පාගමනට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. ඒ විරෝධතාකරුවන් කොටුව ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන්. Please follow and like us:

Read More »

සයිටම් Degree එක OK

මාලඹේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය අද තීන්දු කළා. එහි සිසුවියක් අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා. මේ අතර අභියාචනාධිකරණය අද ලබාදුන් තීන්දුවෙන් පසු එලෙස වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා සයිටම් ආයතනයට නීත්‍යනුකූල බලයක් ලබාදීමට විරෝධය පළ කරමින් අද කොළඹදී විරෝධතාවක් පැවැත්වුණා. මෙම විරෝධතා සදහා එක්ව සිටියේ ...

Read More »

මිනිස්සු නොමග යැවූ හොර ජ්‍යොතිර්වේදියා අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව සාවද්‍ය අනාවැකි පළ කරමින් ජනතාව නොමග යවන අයුරින් හැසිරවූ ජ්‍යොතිර්වේදියෙකු වූ විජිත රෝහණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තා. මේ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද ඔහු පසුගිය කාලය තුළ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අපහාසාත්මක අදහස් පළ කර තිබුණා. Please follow and like us:

Read More »

හම්බන්තොට විකාර නැටූ 25ක් ආපසු හිරේට

හම්බන්තොට දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 29 දෙනාගෙන් 25 දෙනෙකු පෙබරවාරි මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ සැකකරුවන් අද පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයේ සිටි හතරදෙනෙකුට සුවිශේෂී කරුණු මත මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදුන්නා. ඊට අමතරව මීට පෙර නඩු වාරවලදී ඇප ලබාදුන් සැකකරුවන් 10 දෙනෙකුද අද දිනයේ අධිකරණය ...

Read More »

විමල්ට ආපසු හුලන් – 7 වෙනකන් හිරේ

ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙබරවාරි මස හත් වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. Please follow and like us:

Read More »

කොටුව හිරවෙයි – අදත් සරසවි සිසුන් මහපාරේ

කොළඹ කොටුව ප්‍රදේශයේ අදත් දැඩි වාහන තද බදයක් පවතිනවා. ඒ විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන්.     Please follow and like us:

Read More »

ට්‍රම්ප් ඇමෙරිකාවේ සුක්කානම නිල වශයෙන් භාරගනී

ඇමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන්නා. ඒ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි. පසුගිය2016 යේ නොවැම්බර් 8 වනදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් තියුණු තරඟයකින් අනතුරුව පරාජයට පත් කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට සමත්වුනා. ඒ අනූව ඊයේ දිනය ඇමෙරිකානුවන්ට පමණක් නොවයි මුළු මහත් ලෝකයටම වැදගත් දිනයක් බවට පත්වුනේ ලෝකයේ ප්‍රභලතම නායකයා දිවුරුම් දීම ...

Read More »

නියඟයෙන් කුඹුරු අක්කර 120,000 ක් විනාශයි

බලපැවැත්වෙන නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 120,000 ක් විනාශ වී තිබෙනවා. ඉන් බොහෝ කුඹුරු ප්‍රදේශ කිහිපයක් දරුණු ආකාරයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. Please follow and like us:

Read More »

අගමැති චීන ජනාධිපති එක්ක ලොකු වැඩක

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂීජින් පින්ග් විසින් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා. ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල ආරම්භ වීමට පෙර අදාළ සාකච්ඡාව පැවැත්වුනා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය, සර්බියානු අග්‍රාමාත්‍යවරයා සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබෙනවා. සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන ...

Read More »

Enjoy this blog? Please spread the word :)