ජනපති සමග සාකච්ඡාව රටේ පොදු වාතාවරණය ගැනයි – සජිත්

0
178

NEWSNOW | COLOMBO – රටේ පොදු වාතාවරණය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (01දා) රාත්‍රියේදී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව රටේ පොදු වාතාවරණය ගැන ජනාධිපතිවරයා සමඟ සුහදව පැවති බවද ඇමතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් දිගින් දිගටම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවධානය යොමුවුයේ දැයි විමසා සිටි අතර ඒ සෑම අවස්ථාවකදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ‘රටේ පොදු වාතාවරණය‘ ගැන සාකච්ඡා කළ බවයි.