සිසු සිසුවියෝ 18,1126ක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබති

0
240

NEWSNOW | COLOMBO – මෙවර උසස් පෙළ විභාගයෙන් අයදුම්කරුවන් 181,126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අයදුම්කරුවන් 71 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගත් බවයි.

විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු අතර ප්‍රතිඵලවලට අනුව නව සහ පැරණි විෂයය නිර්දේශ යටතේ දිවයිනේ ප්‍රථමයින් නම් කර තිබේ.

ඒ අනුව භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ දිවයිනේ ප්‍රථමයා කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකායි.

නව නිර්දේශය යටතේ ජීව විද්‍යා අංශයේ ප්‍රථමයා කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි විජේවර්ධන සිසුවියයි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඕෂධ ගාල්ලගේ ඉංජිනේරූ තාක්ෂණවේදය විෂය ධාරාව නව නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ ය.

වාණිජ විෂ්‍ය ධාරාව නව නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව සිටින්නේ කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්සරා හෙට්ටිගේ ශිෂ්‍යාවයි.

කලා විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථමයා බවට කොළඹ දේවී බාලිකා විදුහලේ ටෙෂානී වැලිගමගේ සිසුවිය තේරී පත් වූවා ය.

කලා විෂය ධාරාවේ පැරණි විෂය නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව සිටින්නේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ නිපුණ විරාජ් ශිෂ්‍යායි.

පින්නවල මධ්‍ය මහා විදුහලේ දර්ශන ඉසුරුසිරි සම්පත් භෞතික විද්‍යා විෂය ධාරාවේ පැරණි විෂය නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වූ අතර වාණිජ විෂය ධාරවේ පැරණි නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථමයා බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ජේ. නිරෝශන් සඳරුවන්.

මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මස 17 වැනිදා දක්වා ඉඩ සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ, සියලු ප්‍රතිඵල ලේඛන පාසල් වෙත යැවීමට ද කටයුතු කර ඇති බවයි.