අපේ රටේ පාලකයන්ට ජනතාව දුප්පත් වෙන තරමට ලාභයි – සමන්ත විද්‍යාරත්න

0
750

NEWSNOW | COLOMBO – වත්මන් ආණ්ඩුව සිදුකරණ යහපත් ක්‍රියාවන් ඉදිරි මහමැතිවරණයෙන් පසුවද ජනතාව බලාපොරොත්තුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල  හාලිඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අපේ රටේ පාලකයින්ට ජනතාව දුප්පත් වන තරමට ලාබයි සහ පහසුයි යනවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම රට තුළ ජාතිවාදී තුවාලය තියෙන තුරු එය විකිණීමට පහසු බවත් පැවසු විද්‍යාරත්න මහතා, එය අවාසනවයක් බවත් කියා සිටියේය.

නමුත් තමන් පවසන දේ ජනතාව විසින් තේරුම් නොගත් බවත් පැවසු ඒ මහතා, ඉදිරියේ දී හෝ මෙම සත්‍ය ජනතාව තේරුම් ගනු ඇතැයි ද පැවසීය.

මේ වන විට ආණ්ඩුව “හොඳ ළමයාගේ“ භූමිකාව රඟ දක්වමින් සිටින බවත් එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් එසේ කටයුතු කරන බවත් සඳහන් කර සිටි විද්‍යාරත්න මහතා, 69 ලක්ෂයක් ඡන්දය ලබා දී ගෝඨාභය මහතා ජනාධිපති කර ඇති බැවින් ඔහුට සුබ පතන බවද කියා සිටියේය.

දෙන ලද පොරොන්දු ජනාධිපතිවරයා විසින් ඉටු කළ යුතු බවත් පැවසු ඒ මහතා, දෙන ලද පොරොන්දුවලට පිටින් යන්නේ නම් ඕනෑම මොහොතක එය විවේචනය කිරීමටත් තමා සුදානම් බවත් පැවසීය.