Breaking News

22ක් මරා දැමූ ත්‍රස්තයා බෝම්බය පුපුරවාගන්න කලින් අම්මාගෙන් සමාව ඉල්ලලා

සල්මන් අබේඩි කියන්නේ මේ දිනවල එංගලන්තේ විතරක් නෙවෙයි අපේ රටේත් ගොඩක් ඇහෙන නමක්. මොකද මෙයා නිසා අහිංසක මිනිස්සු 22 නෙක් මැරුණා. ඉතින් මේ මනුස්සයා එදා මැන්චෙස්ටර් වල පුපුරා දැමූ බෝම්බය නිසා මැරිච්ච මිනිස්සු අතර පුංචි දරුවන්ද ඉන්නවා. එදා මේ පාපතරයා බෝම්බය පුපුරවා ගන්න කලින් මෙයාගේ අම්මා ට දුරකතනයෙන් කතා කරලා ”මට සමාවෙන්න” කියලා පවසලා තියෙනවා කියල ලිබියානු ත්‍රස්ත මර්ධන නිලධාරියෙක් කිව්වා.

අබේඩි ගේ අම්මා න්‍යෂ්ටික තාක්ෂනය සම්බන්ධ ඉංජිනේරුවරියක්. ඇයගේ වයස අවුරුදු 50යි. ඉතින් අබේඩි මෙයාගේ මල්ලි ට කියල අම්මා ට දුරකතනයෙන් කතා කරලා තියෙනවා. කලින් පොලිසිය කිව්වේ බෝම්බය පුපුරවා ගන්න මෙයා තනියම ආවා කියල වුනාට මේ කතාවෙන් එයා මේක කලේ තනියම නෙවෙයි කියලත් ඔප්පු වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)