හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔක්. 06 දක්වා රිමාන්ඩ්

0
46

NEWSNOW   | – හෙරොයින් සමග ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (26) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 60 ප්‍රමාණයක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර ඉපලෝගම , ගෝනපතිරාව ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි තොරතුරක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.