තෛපොංගල් උත්සවයේ දී කොවිඩ් සඳහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරන්න

0
163

NEWSNOW   | –   කොවිඩ් සදහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරමින් මෙවර තෛපොංගල් උත්සවය පරිස්සමෙන් සමරන ලෙස හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය එච්. එස්. ආර්. පෙරේරා මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියා.

මේ කාලය ඉතාම පරිස්සමෙන් ඉන්න ඕනේ කාලයක් දැනට අපිට තර්ජනයක් වී ඇති කොවිඩ් තර්ජනය නිසා. අපිට කොවිඩ් ප්‍රහ්නය දිගින් දිගටම තර්ජනයක් වී තිබෙනවා. මේ තර්ජනය නිසා උත්සව කාලයේ සුපරික්ෂාකාරීව සිටිය යුතු බවත්  මේ කාල සීමාවේ දී පුද්ගලයින් රැසක් එක්කාසු වී කටයුතු කිරීම ඉතාම අවදානම් නිසා එක් කෝවිලකට බැතිමතුන් 25 දෙනෙකු ඉක්මවා නොයන ලෙස රැස් නොකිරීමට බලධාරීන් සහ ආගමික නායකයින් වගබලා ගත යුතු බව එතුමිය විසින් පවසා සිටියා.

උත්සව සමයේ දී සමීප පවුලේ ඥාතීන්ය පමණක් සීමා කරමින් දුර බැහැර පළාත් වල සිටින නෑදෑයින් බලන්න යෑමෙන් වැළකී සිටිමින් සැමරිය යුතු බව ද  කොවිඩ් 19 තර්ජනය තවදුරටත් සමාජයේ ඉවත්ව  නොගොස් පවතින අතර උත්සව සමයේ බොහොම සුපරික්ෂාකාරීව, පරිස්සමෙන් තමන්ගේ පවුල රැකගෙන කටයුතු කරන ලසෙ එතුමිය විසින් පවසා සිටියා.