Breaking News

හැමෝගෙම ආදරය දිනාගත් ජපුරේ “බැලුමා” පස් කන්දක් නිසා ජීවිතය දමා ගිහින් (Photos)

ඊයේ ඇඳ හැලුණු මහා වර්ෂාව ජිවිත 100කටත් අධික සංඛ්‍යාවක් බිලි ගත්තා. හයක් හතරක් නොදත් ජිවිත වගේම මහා හීන ගොඩක් එක්ක ජිවත් වුණ ජිවතත් පස් කඳු කඩා වැටීමෙන් මිය ගියා.

පස් කන්දක් නාය ගිහින් නිවසට කඩා වැටීම නිසා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ප්‍රසාද් අයගම තරුණයාට ජීවිතය අතරමග දාලා යන්න සිද්ධ වෙලා.

අද ඒ නිසා මුළු ජපුර කැම්පස් එක කඳුළු සලනවා. ඔහු ජපුර නැතුවම බැරි සිසුවෙක්.

හැමෝගෙම ආදරය දිනාගත්ත ඔහුව කට්ටිය අමත්තන්නේ “බැලුමා” කියලා.

බැලුමා කියන්නේ අපහාසයට නෙමේ ආදරයට. ඒ තරම් ඔහු කැම්පස් එකේ ජනප්‍රිය සිසුවෙක්.

කොහොම හරි ප්‍රසාද්ට සිද්ධ වුණේ පස් කන්දක් නිසා ජීවිතය දාලා යන්න. ආරංචිය හැටියට ඔහුගේ අක්කත් ඒ පස් කන්දට යටවෙලා. මිය ගිහින් ද තවමත් ජිවත් වෙනවද කියලා නම් අපි දන්නේ නැහැ.

මේ ඔහුට ආදරය කරන අය ඔහු වෙනුවෙන් තැබූ සටහන්..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)