හම්බන්තොට 52ක් අත්අඩංගුවට – 23 කට තුවාල

හම්බන්තොට – මිරිජ්ජවිල ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා සංවර්ධන කලාපය දියත් කිරීමේ අවස්ථාවේදී එහි කළහකාරී ලෙස හැසිරුණු 52 නෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු 21 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මේ අතර තවත් දෙදෙනෙකු ජනවාරි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හම්බන්තොට – මිරිජ්ජවිල ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා සංවර්ධන කලාපය ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරුණා.

මෙම ගැටුමේදී 23 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 11 දෙනෙකු පොලිස් නිලධාරින් බවයි හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)