ලුණු මිරිස්

දැන් සුදු පාටට බිය නැති බව නොකියමි.මේ ගෙවෙන තප්පරයේද ඒ බිය ඒ ආකාරයටම දැනෙන්නේය.මේ ලියන මොහොතේත් වාහන සද්දය ඇහෙන්නේය.නමුත් පාරේ යන හැම වාහනයක්ම රෝද හතරේ වාහන නොවන්නේය.සුදු පාටද නැත.ඒ හේතුවෙන් කොලයක්ද පෑනක්ද ගෙන ලියමනෙහි තිඹිරිගෙයි දොර අරිමි.

දැන් සමාජ කටගැස්මක් අවැසි සමයකි.ලුණු මිරිස් එබැවිනි.කිරිබතටද ,එහෙමත් නැත්තනම් ආණ්ඩු පෙරළු ආප්පයටද ලුණු මිරිසක් නැතුවම බැරිය.

අටෙන් පොත්තෙන් පැමිණි වහා වචනයක් දෙකක් ගලපා රැප් කරන්නන්ටද , සයිබර් අවකාශයේ පිස්සුවෙන් සරිසරන්නන්ටද සමාජ කටගැස්මක් අවශ්‍යව ඇත.ගුගල් තුල වැඩියෙන් සෙක්ස් සොයන්නේද එබැවිනි.නුතන ලිබරල්වාදී තාරුණ්‍යයට වෛර නොකරමි ආදරය කරමි.ඒ නිසාවෙන් ලුණු මිරිස් ලියමි.ඒ කිරිබතටත් ආප්පයටත් අවැසි සේම සමාජයටද ලුණු මිරිස් අවශ්‍ය නිසාය.

ලුණු මිරිස් සැරය. ඒ සැරට ලුණු ඇඹුල් පදමට එක්වූ තැන ලුණුමිරිස රසය.ඇස් ලෝඩි කැවී කඳුළු පනිනා තුරු අපි ලුණු මිරිස් කන්නේ එබැවිනි.

දෙමළ අය වඩේ ද , මුස්ලිම් අය බුරියානිද , සිංහල අය කිරිබත්ද , මේ හැමදෙනාම ආප්පද වලන්දන්නේ ලුණු මිරිස් සමගය.මේ නිසා ලුණු මිරිස් සැමදෙනාටමය. පාට රතු වුවද අමු මිරිස් වැඩිපුර දැමු පසු ලුණු මිරිසද කොළපාටය.ඒ නිසා ජාතිය මෙන්ම ලුණු පාටක්ද නැත.

දුගී පැලේ සිට රජ මැදුර දක්වා ඕනෑම අයෙකු ලුණු මිරිසේ රස හඳුනන්නේය.මේ නිසා ලුණු මිරිසට පන්ති බේදයක් නොමැත.

අද සිට ලුණු මිරිස් ලියන්නේද එබැවිනි. ඔබත් මෙහි එන කලට ලුණු මිරිසේ රස බලන්න.

අවසාන වශයෙන්ද ලුණුමිරිස් සැරය එනමුත් රසය.

සූපවේදියා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)