Breaking News

ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක කරපු දෙයක් ගැන බන්ධුල වර්ණපුර හෙළිකරයි

පසුගිය පෙබරවාරි මාසයේදී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු තනතුර සඳහා තමන් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ නමුත් නව ක්‍රිකට් කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත්කිරීමෙන් පසුව ඔවුන් එම තීරණය වෙනස් කළ බවත් ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් නායක මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) ක්‍රිකට් සංවර්ධන කළමනාකරුවකු ලෙස සේවය කළ බන්ධුල වර්ණපුර මහතා පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු භාරව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා කොට එම තනතුර භාර ගැනීමට තමන් කැමැති වූ බවත් එහෙත් එකඟ වූ පරිදි තමන්ට එම තනතුර ලබා නොදීමට හේතු මෙතෙක් දන්වා නැති බවත් පැවැසූ වර්ණපුර මහතා “පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මගේ පස්සෙන් ඇවිල්ල ජයන්ත ධර්මදාස මට කතා කරලා රැස්වීම් තියල කණ්ඩායම් කළමනාකරු තනතුර මට භාරගන්න කීව. පසුගිය දෙසැම්බර් දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ සිටම මට තනතුර බාරගන්න කීව. නමුත් මම ඒ සංචාරයේ සිට තනතුර බාරගන්න කැමැති වුණෙත් නැහැ. මොකද හේතුව 2016 දෙසැම්බර් 31 දා වනතුරු මම ආසියානු කලාපයේ සංවර්ධන කළමනාකරු (ධ්ඛ්ඛ් අඥචඨඪධදචත ච්ඥමඥතධනථඥදබ ර්චදචඨඥප – ඒඵඪච ) ලෙස අයි.සී.සී. සේවය කරන්න එකඟ වෙලා හිටියෙ. ඒ නිසා මම කිව්වා ඒක හරි නැහැ. ඊට පසුව මම ඇවිල්ල වැඩ භාරගන්නම් කියලා. ඊට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා ගිහිල්ල නැවත ලංකාවට ආවෙ පෙබරවාරි 24දා” යනුවෙන්ද පැවැසීය.

ඒ අනුව පෙබරවාරි 24 දායින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු තනතුර තමන්ට පවරන බවට දෙපාර්ශ්වය එකඟතාව පළකළ බවත් කී වර්ණපුර මහතා “ඒ මොහොත වන විට මම මැලේසියා යන්න ලෑස්ති වෙලා හිටියෙ. ගිහිල්ල ඇවිල්ල තනතුර භාරගන්න ලියකියවිලි වලට අත්සන් කරන්න මට එන්න කිව්වා. ඒ අතර දුරකතනයෙනුත් අපි සාකච්ඡා කළා. ජයන්තයි, අෑෂ්ලියි දෙන්නමත් ඒ රැස්වීම්වලට සම්බන්ධ වුණා. මම ටීම් මැනේජර් විදියට ගන්නවට පාලක මණ්ඩලයේ ඔක්කොම කැමැතියි කිව්වා. ඒත් ඉතිං මාර්තු 1 දා මම මැලේසියාවේ සිට එනවිට මම ඉන්ටර්නෙට් එකෙන් දැක්කා අසංක ගුරුසිංහව ක්‍රිකට් මැනේජර් තනතුරකට පත්කරලා තිබුණා. ඊට පසුව මම ජයන්තට කෝල් කළා. පිළිතුරක් නැහැ. පසුව ඈෂ්ලිගෙන් ඇහැව්වා. අසංක ගත්ත එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එපා කියන්නෙ නැහැ. ඒත් මම ඉන්ටර්නෙට් එකෙන් දකින්න පෙර අසංක ගන්න එක ගැන කියන්න තිබුණා නේ කියලා මම කිව්වා. මට එහෙම රැකියාවක් අත්‍යවශ්‍ය වෙලා තිබුණෙත් නැහැ” යනුවෙන්ද කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ට අරියාදු කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙය කිසිසේත්ම රැකියාවක් ඉල්ලාගෙන යන ගමනක් නොවන බවත් පැවැසූ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා ‘මට තිබෙන කනගාටුව මා පිළිබඳව ගත් තීරණය හෝ ඊට හේතු කියල මේ වනතෙක්ම මට කෝල් එකක්වත් දුන්නෙ නැහැ. මම අයි.සී.සී. යෙ රාජකාරි කරන කාලෙ කතා කරල කෙටුම්පත් හදල, සැලසුම් හදල මට දෙන වැටුප් දීමනා හා යාන වාහන ගැනත් කතා කරල එකඟ වෙලා අවසානයේ එහෙම තීන්දු ගත්තෙ. ඔය ක්‍රිකට් මැනේජර් කතාවක් ආවෙ ඊට පස්සෙ. මට කීවේ ටීම් මැනේජර්කම ගන්න කියල. කොහොම වුණත් අසංක ගත්තාට පසුව ඒක කවර් වෙන්න ඇති. මීට අවුරුදු 3කට විතර කලින් ප්‍රධාන විධායක තනතුර මට දෙන්න හැදුවා. ක්‍රිකට් පාලක මණ්ඩලය මාත් එක්ක සියලු දේ වැටුප් ගනුදෙනු පවා කතා කරල අවසානයේ ලිස්සල ඇරියා. ඒත් ඉතිං අපි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට යම් දෙයක් කරන්න ඕන. නමුත් මට පැනල දෙන්න බැහැනේ” යනුවෙන් අදහස් දැක්වීය.

සිරිනාම රාජපක්ෂ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)