Breaking News

රාජකීය විද්‍යාලයේ ආපහු ළමයි දාන්න විදුහල්පති සල්ලි ගන්නවාද?

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

පළමු වන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේදී අක්‍රමිකතා සිදුවන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත විවිධ පැමිණිලි ලැබී තිබීමත් සමග මෙය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීමට රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අහංගම සාරිපුත්‍ර විද්‍යාලයේ විදුහල්පතිවරයායි.

එම මුදල වෙළඳසැලකට ගෙවා බිල්පත තමා භාරයට භාර දෙන ලෙස දරුවාගේ දෙමාපියන්ට සැකකාර විදුහල්පතිවරයා විසින් දැනුම්දී තිබෙනවා.

එම අවස්ථාවේදී විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)