Breaking News

රටවල් තුනක කට්ටිය අභ්‍යාවකාශයට

නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ නිරීක්ෂකයින් තිදෙනෙකු රැගත් තවත් රොකට් යානයක් ජත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගුවන් ගත කර තිබෙනවා.

මෙම යානය කසකස්තානයේ අභ්‍යාවකාශය නිරීක්ෂන ආයතනයෙන් කක්ෂගත කල බවයි වාර්තා වන්නේ.

රටවල් තුනක් නියෝජනය කරන අභ්‍යාවකාශ නිරීක්ෂකයින් රැගෙන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවෙන පළමු රොකට්ටුව මෙය වනවා.

ඒ අනුව මෙම නිරීක්ෂකයින් ඇමෙරිකාව , රුසියාව හා ප්‍රංශය යන රටවල් නියෝජනය කරමින් මෙලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පිරිස දින දෙකකින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම නිරීක්ෂකයින් අතර ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යන වයස්ගතම නිරීක්ෂිකාවද එක්වීම විශේෂත්වයක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)