යුනිස් ඛාන් සංගා ගේ ලැයිස්තුවට

ලොව රටවල් 11කදී ටෙස්ට් ශතක රැස් කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන පිතිකරු යුනිස් ඛාන් ඊයේ සමත් වුණා.

ඔස්ට්‍රේලියා – පාකිස්ථාන තෙවන ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා .මීට පෙර වැඩිම රටවල් ගණනකදී ටෙස්ට් ශතක රැස් කිරීමේ වාර්තාව යුනිස් ඛාන් ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙක් සතුව පැවතුනා.

ඒ අනුව රටවල් 10කදී ටෙස්ට් ශතක වාර්තා කල ක්‍රීඩකයන් වූයේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන,කුමාර් සංගක්කාර,ඉන්දියවේ රාහුල් ඩ්‍රාවිඩ්,පාකිස්ථානයේ මොහොමඩ් යුසුෆ් සහ යුනිස් ඛාන්.

ඒ අනුව රටවල් 11කදී ටෙස්ට් ශතක රැස් කිරීමේ වාර්තාව පිහිටුවීමට යුනිස්ට අවශ්‍යව තිබූ ඔස්ට්‍රේලියාවේදී ශතකයක් රැස් කිරීම ඔහු ඊයේ සම්පූර්ණ කලා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)