Breaking News

මේ සොඳුරු නුගේගොඩ තරුණයි….

ජීවිතයේ බොහෝ අත්දැකීම් මත නුගේගොඩ මා හට සමීප වන්නේය.අමතක මතක අතර මතක එක මතකයක් වේ නම් එම මතක සියල්ල නුගේගොඩ හා රැදී පවතී.

ඒ විදිහට ජීවිතයේ ගොඩක් දේවල් නුගේගොඩට එක් වන්නේ ජීවිතයේ එකත් සමයකය.උසස් පෙළ අධ්‍යපනයටද ,උසස්පෙළ ආදරයටද දෙකටම අත්පොත් තබන්නේ මෙකී නුගේගොඩ ය.

ගෙවෙන තප්පරයේ නුගේගොඩ සතු සියලු මතකයන් මතක පමණක් වී හමාරය.නුගේගොඩ ජීවිතයට සමුදී වසරකුත් පමණය.ඒ අධ්‍යාපනයද ,ආදරයද, සමගය.

වසරකට පසු නුගේගොඩ සුළගින් හුස්ම ගත්තෙමි.එය වෙනදා දැනුනු සුවයට වඩා වෙනස්ය.මට කිසිවක් නොසිතේ. හදවතේ කෙළවරක රැදී මතක එකින් එක ඇවිස්සෙමින් පවතී.

නුගේගොඩ දුම්රියපල අසල වට බංකුවේ නවතිමි.නුගේගොඩ සිට දැකපු සිහින වැල් එකින් එක දෙදරවා නහරවැල් අවුසන්නේය.

“නුගේගොඩ වෙනස්ය.නමුත් නුගේගොඩ සැරිසරන ඔළුගෙඩි එලෙසමය.සමහරු තනිකඩය. සමහරු පෙම්වතුන්ය, පෙම්වතියන්ය.මේ සියලුදේ බලාගෙන උඩඟුවෙන් හිස පලන්දා ගෙන සිටින්නේ නුගේගොඩ පාලමය.

“මෙකී සියලු මතක අතර එක් මතකයක් මා මතක එකවිට නතර කළේය.ඒ මා මීට වසර ගණනකට පෙර ගෙවා නිමකළ ආදර කතාවක් අසලය.සතියට දවස් එන්නක් හැම උදෑසනකම ආදරෙන් පටලවා ගත් අත් අසලය.හිමිදිරි සීතලට ගල් වූ කම්මුල් සිපගත් පාරවල් අසලය.”

මා නුගේගොඩින් ගත් කලා ගොට්ට දිගහරිමි.මිරිස් කෑලි අතරින් හදවතේ සිතුවිලි අකුරු කලෙමි.
නුගේගොඩ මතක ගොඩ
මගේ හිතේ දරාගෙන
නුඹ නැතිව නුඹ එක්ක
මම ඇවිත් නුගේගොඩ

ජම්බුගස්මුල්ලෙන් ගං සභා හංදියට
පියවරෙන් පියවර
අපි තැබුවෙ හෙමිහිට…
සෙනග එනවද බලා නුඹෙ කොපුල් සිඹින සඳ….
ඒ කතා දන්න උඹ
නුගේගොඩ පාලම…..

මතකයිද නුඹට ඒ
වැහි දවසේ මා තුරුලේ….
හැත්ත හය බස් එකේ
අපි හිටියේ පෙම් මුල්ලේ…
අපි නැතත් ඒ ලෙසට
ජෝඩුවක් ඒ මුල්ලේ…..
මගේ නෙත ගැටුණා
බලන විට එක එල්ලේ……

නුඹ මෙසඳ මගේ ලඟ
නැති බවත් ඇත්තයි…..
මේ විසල් නුගේගොඩ
අපෙ කතා බෝමයි…..
නුඹ එක්ක නුගේගොඩ
මතක දැන් පරණයි…….
අපි නැතත්
මේ සොඳුරු නුගේගොඩ තරුණයි….

මම

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)