Breaking News

මැරුණු සත්තු උඩ යවන ඩ්‍රෝන් (ඡායාරූප)

අපි නිවසේ ඇති කරන සුරතල් සතුන්ට හරිම ආදරෙයිනේ මචං. ඒත් ඔවුන් මියගිය පසු‍ කොතරම් දුක් වුණත් වළදමනවා. අපි ‍අපේ සුරතල් සතුන්ට මොනතරම් ආදරය කළත් මියගියාට පසු ළඟින් තබා ගන්න උනන්දු වන්නේ නෑ. ඒත් ඕර්විල් කියන බළල් සුරතලාට නම් අමුතුම විදිහේ ඉරණමකට ලක් වීමට සිදු වුණා මචං. ඒ තමයි ඕර්විල්ට මියගියාට පසුව අහසේ පාවෙන්නට සිදුවීම.

ඕර්විල් 2012 වසරේ දී මෝටර් රථයකට හසුවී මියගියා. ඕර්විල්ගේ හාම්පුතා බාර්ට්ජැන්සන් එයාව වළ දැමීම වෙනුවට අහසේ පා කිරීමට තීරණයක් ගත්තා. ලන්දේසි ජාතික කලාකරුවකු වන මොහු මිය ගිය පූසාගේ සිරුර භාවිතා කර ඩ්‍රෝන යානයක් නිපදවා තිබෙනවා. පාද සතර කෙළවරෙහි තිබෙන පෙති කැරකීමෙන් ඉහළට යන යානය දුරස්ථ පාලකයක් මඟින් පාලනය කරන්න පුළුවන්.

ඕර්විල්කොප්ටර් (Orvillecopter) යන නමින් හඳුන්වන මෙම ඩ්‍රෝන යානය මොහුගේ එකම නිර්මාණය නම් නොවේ. මෙලෙසින් අහසේ ගමන් කළ හැකි සත්ත්ව ඩ්‍රෝන යානා කිහිපයක්ම මේ වනවිට මොහු නිපදවා තිබෙනවා.
ඒ ඔක්කොම කරලා තියෙන්නේ මැරුණු සත්තු යොදාගෙන.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)