Breaking News

මම තෘප්තිමත් මම මේ ඉන්න තත්ත්වය ගැන – සචිනි (Photos)

ක්‍ෂේත්‍රයට නවකයෙකු වුවද ඇයව බොහෝදෙනා මේ වනවිට හඳුනන චරිතයක් බවට පත්ව තිබේ. ඒ ලාඕජී වෙළෙඳ දැන්වීම ඔස්සේය. “සෙල්ෆි” සහ “උරුමක්කාරයෝ” ටෙලිනාට්‍යවලින් රසික ආදරය දිනාගත් ඇය සචිනි රුවන්තිකාය.

වෘත්තිය වශයෙන් තෝරාගන්නෙ රංගනයද? වෙනත් ක්‍ෂේත්‍රයක්ද?

වෘත්තිය වශයෙන් රංගනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කොහොමත් වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙනවා.

නිරූපණයද ඔබේ වෘත්තීය?

නැහැ. එයත් මම වෘත්තීය වශයෙන් කරන්නෙ නැහැ. මම ඉගෙන ගනිමින් තමයි ඉන්නෙ. අනාගතයේදී ව්‍යාපාරික කටයුත්තක් කරන්න බලාපොරොත්තුව තියෙනවා.

ක්‍ෂේත්‍රයට පැමිණීමට ගෙදරින් අවසරය නොලැබුණානම් ඔබ අද කුමන ක්‍ෂේත්‍රයක හිඳීවිද?

නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න ඉඩතිබුණා. මොකද පොඩි කාලේ ඉඳන්ම මම චන්න උපුලි රංග ආයතනයේ නර්තනය හැදෑරුවා. තවමත් මම නර්තනය අතෑරලා නැහැ. එහෙමත් නැතිනම් මගෙ තාත්තත් ලංකාවේ නැති නිසා මම විදේශගත වෙන්න ඉඩ තිබුණා.

ඔබ දැන් සිටින ස්ථානය ගැන ඔබ තෘප්තිමත්ද?

තවම මම ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. තවම අවුරුදු එකහමාරක් විතර තමයි වෙන්නෙ. මට ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා මේ ටික කාලෙට. ඉතිං මම තෘප්තිමත් මම මේ ඉන්න තත්ත්වය ගැන.

ඔබගේ ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?

දැනට එක නාට්‍යයක රූගත කිරීම් කරනවා. ඒ වගේම තව වෙළෙඳ දැන්වීම් ලැබිලා තියෙනවා. ඒ වගේම මට ගැළපෙන හොඳ නිර්මාණ ලැබුණොත් අනිවාර්යෙන්ම දායක වෙනවා.

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මාව, තාත්තාව අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. චාමර සමරවික්‍රම මහතා, ඔහු මාව මුලින්ම නාට්‍යයක් සඳහා තෝරාගත්තා. නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන්න මට අතහිත දුන්න හැමෝවම මතක් කළ යුතුයි. ඒ හැමදෙනාටම ස්තූතියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)