Breaking News

මං ඒ කෑල්ලට මාර අසයි මල්ලි ……………..

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.ඒ වගේමයි විරහව කියන දේත්.හැබැයි මේ පුදුමාකාර හැගීම් අතරේ තියන බෙදීම මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ.

ඒ බෙදීම් කොහොම වුනත් ගිය දවස් ටිකෙත් ආදරයයි විරහවයි මේ හැමදේම එක්ක ජීවිතේ ගෙවීගෙන ගියා.ඉතින් ඒ නිසාම “ජීවිතේ කතාවක්” මේපාර ඒ ගැන ලියන්න හිතුනා.

දින වකවානු හරියටම කියන්න මතක නැති වුනාට එක සිදුවීමක් මෙවර “ජීවිතේ කතාවක්” වෙනුවෙන් පාර කිව්වා.ඔහුත් මමත් සිටියේ අපගේ කාර්යාලයේය.දෙතැනක වුවද අප දෙදෙනා කලේ එකම දෙයක් පමණි.ඒ මා විසින් කවි කල ජීවිත අත්දැකීම් කියවමිනි.

“මල්ලි පොඩ්ඩක් හිටපං”

“ඔහොම තියන්න”

ඒ ඔහුය.

ඒ මම ලියු තවත් එක කවියක් පමණි.ඔහු එහි අවසන් පද පේලි වල නැවතී සිටියි.

නුඹ අලුත් දිවිගමනේ තුටු සිතින් ඇත්නම්…..
මේ පැතුම් හිත දරං නොදොඩාම ඉන්නම්…..
යලි වරක් අතීතෙට මට යාව හැකිනම්……
මම කිසිත් නුඹ දිහා නොබලාම ඉන්නම්…..
“මල්ලි මේ ටික පට්ට.මමත් මේ ටික මෙගේ ජීවිතේ කියනවා”

ඉන් පසු මගේ පෙරැත්ත කිරීමට ඔහු දිගුකලක් ආදරය කල ඔහුගේ ආදර කතාවේ අවසාන පරිච්ඡේද කිහිපය මට කීවේය.

ඒ තුල වේදනාව,දුක,විරහව,යන හැම දෙයක්ම තිබුනේය.නමුත් මා එක් දෙයක් දනිමි.එය ඔහු මට නොකී දෙයකි.ඒ ඔහු කොතරම් දේ කීවද තවමත් ඇය වෙත ආදරය කරන බවයි.

මා ඔහුට කිසිවක් නොකීවෙමි.”ජීවිතේ කතාවක්”වෙනුවෙන් පරිචයක් ලබාදීම සඳහා පමණක් තුති පිදීමි.

මා ඔහුගේ සිත සෑදිය යුතුව ඇත.ඒ අහු මගේ මිතුරා වන නිසාය.

ඔහුට පැවසු සියල්ල “ජීවිතේ කතාවක්” ලෙස මා ඔබටද කියමි. එය පොරොන්දුවකි.

“අයියේ මෙහෙමයි” මා ඔහු දෙස බැලීමි.

ඔහු තවමත් මගේ කවි පේලි අතරේ ඔහුගේ ජීවිතය සොයමින් සිටී…….

මම

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)