Breaking News

බෝම්බය පිපුරුණ මැන්චෙස්ටර්වල ප්‍රධාන පෙලේ ත්‍රස්තවාදීන් රැසක් සැඟව ඉන්නවා (ඡායා)

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට තමයි පසුගිය දවසක අයි.එස් බෝම්බ ප්‍රහාරයක් එල්ලවුණේ. ඒ ප්‍රහාරයෙන් 22නෙකු මියගියා. කොහොමහරි අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ මේ නගරය ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන් හැංගිලා ඉන්න නගරයක් කියල මචං.

මොකද ජිහාඩ් සටන්කාමීන් බොහොමයක් මැන්චෙස්ටර් වල සැඟවී ඉන්නවා. කොටින්ම කියනවා නම් පසුගියදා බෝම්බය එල්ල කල සල්මන් අබේඩි ගේ පියා සහ මවත් මේ නගරයේම සැඟවී ඉන්නවා කියලා මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම නගරය ඇතුළු ප්‍රදේශ රැසක විශේෂ ආරක්ෂක මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා කියල වාර්තා වනවා. ඒ වගේම එරටට ත්‍රස්ත අවධානමත් දැන් ඉහලම මට්ටමේ තියෙන්නේ. සල්මන් අබේඩි ගේ මව න්‍යෂ්ටික තාක්ෂනය පිලිබඳ ඉංජිනේරුවරියක්.
පියා ප්‍රධාන පෙලේ ත්‍රස්තවාදියෙක්. ඉතින් මේ ගෙන කලින් දැනගත්තේ නැද්ද , දැනගත්තාද කියන සැකය තාමත් එංගලන්ත ආරක්ෂක නිලධාරීන්ට එල්ල වන චෝදනා අතර තිබෙනවා. කොහොමහරි ඉතින් දැන් මැන්චෙස්ටර් වල පමණක් නෙවෙඉ එංගලන්තයේ ඉන්න ලාංකිකයෝ පරිස්සමින් ඉන්න ඕන.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)