Breaking News

බැඳුම්කරේ උසාවියේදී ඇවිලෙයි

ඊයේ (08දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ රහස්‍ය වාර්තාවක් ලේඛනගත කිරීමට චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතකු අවසර ඉල්ලා සිටීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වි තිබෙනවා.

මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා එලෙස රහස්‍ය ලේඛනයක් කොමිසමේ අදාළ ලේඛනයක් ලෙස සලකුණු කිරීමට ඉල්ලා සිටි අවස්තාවේදී මෙම ගැටුම ඇතිවී තිබෙන බවයි අවාර්තා වන්නේ.

කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චන්ද්‍රසිරි මහතා එයට අවසර දීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කළ අතර එවිට නීතිඥවරයා එකී ලේඛනය සහිත විශේෂිත කවරයද රැගෙන කොමිසමේ විනිසුරුවන් අසලටම ගොස් අන් අයට නොඇසෙන සේ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේදී නීතිපති නියෝජනය වූ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඒ අසලට කැඳවූ සභාපති විනිසුරුවරයා සෙසු සාමාජික කොමසාරිස්වරුන් දෙදෙනාත් සමඟ එකතුව නීතිඥවරයා සමඟ දිගින් දිගටම (කොමිසමේ කල් තැබීමේ අවස්ථාව වනතුරුම) කරුණු සාකච්ඡා කරන්නට යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

ලිපිගොනුවක් වශයෙන් නොව වෙනත් විශේෂිත කවරයක බහා තිබූ එකී වාර්තාව කිසිදු අවස්ථාවකදී මේසයක් මතවත් නොතබා තම අතෙහිම රඳවාගෙන සිටි නීතිඥවරයා මාධ්‍යවේදීන් ඒ පිළිබඳ කරන ලද කිසිදු විමසුමකට ප්‍රතිචාර නොදක්වා සිටීමටද යුහුසුළු වී ඇති බව සඳහන්.

මේ ලේඛනය මුදල් අමාත්‍යවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමක් හා සම්බන්ධ වැදගත් සාක්‍ෂි ඇතුළත් ලේඛනයක් බවට කසුකුසුවක්ද මේ හා සමානවම හටගෙන තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)