Breaking News

බලලා ඉවරවෙලා මටත් දෙනවද?

 ජීවිතේ ගොඩක් දේවල් අපිට ඕන විදිහටම ලැබෙන්නේ නෑ.සමහර දේවල් තියෙනවා අපිට කාලයත් සමගම හමුවෙන දේවල්,ඒ වගේම සමහර දේවල් තියෙනවා අපි ගොඩක් උත්සහයෙන් ලබාගන්න ඕනේ දේවල්.
මේ අතරෙ කවමදාකවත් අපිට හමුනොවෙන දේවල් පවා තියෙනවා. මේ ගෙවෙන තප්පරයේ මේක කියවන ඔයලා වගේම ලියන මමත් වාසනාවන්තයි. මොකද මේක අපිට බලන්න අපේ ඇස් පේන නිසා….හිතන්න මේ මොහොතේ ලෝකයේ එකම පාටක් විතරක් දකින කී දෙනෙක් නම් ඉන්නවා ඇත්ද… අන්න ඒ ඇස්වලට පාට දෙන්න ලංකාවේ සංවිධාවනක් බිහිවෙනවා…ඒ තමයි අක්ෂිදාන සංවිධානය.
ඉතින් ඔවුන් තමන්ගේ මේ සත් ක්‍රියාව සමාජගත කරන්න මටත් දායක වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔවුන් එක ඉල්ලීමක් මගෙන් කරනවා.
“ඔයාට පුලුවන්ද දැනෙන දෙයක් දෙන්න”
එදා ඉදන් දවස් ගණනක ගෙවුණු රාත්‍රීන් වල මගේ සිත තුල වුණේ නොපෙනෙන ඇස් වලට ජීවිතේ දෙන්නේ කොහොමද කියන එක ගැනයි. ඊට පස්සේ ඒ දැනෙන දේ හොයාගෙන මම රත්මලාන අන්ධ විද්‍යාලය ගාව නවතිනවා. ආලෝකයත් අන්ධකාරයත් කියන දෙකේම හීන දැකපු ඇස් වලින් මේ අන්ධ ඇස් වල මම ජීවිතේ හොයන්න පටන් ගත්තා.
ඒ පුංචි උන් අතරේ ඉන්න එක දරුවෙකුට මගේ ඇස් යොමුවෙනවා.
“මල්ලී ඔයා ආලෝකය දැකලා තියෙනවද?”
පැය ගාණක් දවස් ගාණක් හිතේ හිරවෙච්ච හිතුවිලි සේරම එහෙම මුදා හැරියා.
“නෑ…. බලන්න ආසයි”
මගේ හිත ගොඩක්ම රිද්දපු වචන ටික ඒක.
මම ලියනවා මගේ හිතට දැනෙන හැම දේම… ඒ හැඟීම් සමාජ ගත කරන්නේ මගේ පුංචි ඒ අන්ධ මිතුරයි සම්පත් ජයවීර කියන මගේ ජනප්‍රිය මිත්‍රයයි. අන්තිමට මම ඔවුන්ට ඕනේ දේ කියන්න සමත් වෙනවා.
ඒ මගේ හැඟීම් එක්ක…… ඒ හැගීම් තමයි මේ……
(අන්ධ දරුවෙක් සහ පොතක් කියවන තරුණැයෙකු සිටී)
“ඇයි”
“මොකක්ද?”
“ඇයි හිනාවෙන්නේ?”
“නෑ මේ පොතේ තිබ්බ දේකට”
“මොකක්ද?”
“ඔන්න එක මිනිහෙක් කොර ගගහ යනවලු. ඒදැකලා මිනිහෙක් අහනවලු ඇයි ඔය කොරගහන්නේ?කියලා. එතකොට ඒ කොරගහන මනුස්සයා කියනවලු මගේ මේ දතේ අමාරුවක් නිසා කියලා”
(දෙදෙනාම සිනාසෙනවා)
“බලලා ඉවරවෙලා මටත් දෙනවද?”
“මොකක්ද පොතද?”
“නෑ ඇස් දෙක”
මගේ පුංචි අන්ධ මිතුරා කියනවා… මම ආලෝකයත් අන්ධකාරයත් අතරේ අතරමං වෙලා කදුළු සලනවා……ජීවිතේ සොයනවා…..
|සහන් දහනායක©
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)