Breaking News

ද.අප්‍රිකාව ලංකාව හමුවේ විනාශ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අද දිනයේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වාර්තා පොත් අළුත් කිරීමට සමත් වුනා.

අද දිනය ආරම්භ වනවිට දකුණු අප්‍රිකාව පලමු ඉනිම සදහා කඩුළු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 297ක්.

දකුණු අප්‍රිකා ඉනිමේ හත්වන කඩුල්ල ලෙස ලකුණු 16ක් රැස් කරගෙන සිටි කයිල් ඇබට් රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

අද තරගයේදී ක්වින්ටන් ඩි කොක් සිය ටෙස්ට් දිවියේ තෙවන ශතකය රැස් කර ගැනීමට සමත් වුනා.

ඩි කොක් දැවී ගියේ ලකුණු 101කටයි.

ඒ අනුව දකුණු අප්‍රිකාව සිය පලමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 392ක් රැස් කලා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 122කට දවාගත් කඩුළු සංඛ්‍යාව 6ක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)