Breaking News

දේව්දාස් අධ්‍යක්ෂණය කල භාන්සාලිට කනේ පාරක් (වීඩියෝ)

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන සංජේ ලීලා භාන්සාලිට පහරදීම සම්බන්ධ සිද්ධිය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

භන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට පහර දුන්නා.ඉන්දියාවේ ජායිපූර් නගරයේ සංජේ ලීලා භාන්සාලිගේ නවතම චිත්‍රපටය වන ‘පද්මාවතී’චිත්‍රපටය රූගත කරන අතරවාරයේ එම ස්ථානයට කඩාවැදුණු පිරිසක් අධ්‍යක්ෂකවරයාට පහරදී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ‘රාජ්පුත්’ ගෝත්‍රයට අයත් ජන කණ්ඩායමක් මෙලෙස භන්සාලිට කම්මුල් පහර එල්ලකර හිසකෙස් වලින් ඇද පහරදී ඇති බවයි.

ප්‍රහාරය එල්ලකළ පිරිස පවසන්නේ දාහතරවන සියවසේ’ රාජ්පුත්’ කුමරියකගේ ජීවිතය පිලිබඳව නිෂ්පාදනය කෙරෙන මෙම සිනමා පටයේදී එම කුමරිය මුස්ලිම් අධිරාජ්‍යයෙකු සමග ප්‍රේමයෙන් වෙළෙන ආකාරය දැක්වෙන දර්ශනයක් අධ්‍යක්ෂවරයා විසින් එයට ඇතුළත් කර ඇති බවයි.

මේ හේතුවෙන් අධ්‍යක්ෂකවරයාට පහරදී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)