Breaking News

දුෂේනි උපේක්ෂා ගැන කියන දේ (Photos)

“ආදරය ගින්දරක්” ටෙලි නාට්‍යයේ “උපේක්ෂා” ගැනයි මේ…

“උපේක්ෂා” කියන චරිතයට තවමත් ප්‍රතිචාර නම් අඩුවෙලා නැහැ නේද?

නැහැ. තවමත් බොහෝ දෙනෙකු මාව අඳුන්වන්නේ “උපේක්ෂා” විදිහට. මම දකින විදිහට එවැනි චරිතයක් හරහා මුලින්ම රඟපාන්න ලැබුණ එක මගේ කලා ජීවිතේ මා ලැබූ ලොකුම වාසනාවක් කියලා මට හිතෙනවා. විකාශය වෙන්න නියමිත නිසල සඳ ඔබ කියන ටෙලි නාට්‍යයේ පංචලී කියන චරිතයටත් එවැනි ඉහළ රසික ප්‍රතිචාර ලැබෙයි කියලා මා විශ්වාස කරනවා.

දුෂේනිට චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද?

ඔව්, පසුගියදා මෙහි මුහුරත් උලෙළ පැවැත්වුණා. නමුත්, තවමත් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරලා නැහැ. ඒ හින්දා ඒ සම්බන්ධව වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්.

“නිසල සඳ ඔබ” ටෙලියෙන් පස්සේ?

තවත් ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව තොරතුරු තවම මට විස්තරාත්මකව පැහැදිලි කරන්න බැහැ. “නිසල සඳ ඔබ” ටෙලියෙත් තවමත් රූපගත කිරීම් කරලා තියෙන්නේ කොටස් 15ක් විතරයි. ඉදිරියේදී මේ ලැබුණ ආරාධනත් එක්ක ටිකක් විතර කාර්යබහුල වෙන්න වෙයි කියලා හිතනවා.

මේ වැඩ කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතු මඟහැරෙයිද?

දැනට මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව හදාරනවා. පසුගිය කාලයේ නම් අධ්‍යාපන කටයුතු ටිකක් විතර මඟ හැරුණා. නමුත්, දැන් ආයෙත් ඒ වැඩවලට වැඩි දායකත්වයක් ලබාදීලා තියෙනවා. කොහොම වුණත්, මේ ගෙවිලා යන්නේ මගේ අධ්‍යාපන කටයුතුවල අවසන් අදියරය.

උදාවූ අලුත් අවුරුද්දේ දුෂේනිගේ බලාපොරොත්තු?

ගොඩක් තියෙනවා. එකක් තමයි මගේ පළමු චිත්‍රපටයට දායක වෙන එක. ඊට අමතරව “පැජනට්” එකක් සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් ආරාධනා ලැබිලා තියෙනවා විදෙස් රටක තියෙන “පැජන්ට්” එකක් සඳහා ඉදිරිපත් වෙන්න. ඒ එක්කම කලා නිර්මාණවලටත් මේ උදාවුණ නව වසරේදී වැඩි කාලයක් යොමු කරන්න අදහස් කරමින් ඉන්නවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)