Breaking News

ට්‍රම්ප් තවත් පොරොන්දුවක් ඉටු කරයි

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද බොහෝ අවධානයට ලක්වන තවත් එක් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරනු ලැබුවා.

ඒ ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාව තෝරාගැනීමයි. ඒ අනූව ඇමෙරිකාවේ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙස විනිසුරු නීල් ගෝසච් නම් කිරීමට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා.

49 හැවිරිදි නීල් ගෝසච් වසර 25කට ආසන්න ඇමෙරිකානු ඉතිහාසය තුල නම්කරන ලද ලාබාලතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාද වනවා.

කෙසේ නමුත් නීල් ගෝසච් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙසට පත්වීමට නම් එරට සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු වනවා.

කෙසේ නමුත් නීල් ගෝසච් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙස පත්වුවහොත් පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්ටෝනින් ස්කලියාගේ පුරප්පාඩුව සපුරනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)