Breaking News

ඡායාරූපකරණයේ මාධ්‍ය භාවිතය

ඡායාරූප මාධ්‍යකරණය යනු පත්‍රකලාවේදයේ විශේෂිත ක්ෂේත්‍රයකි. එමගින් කිසියම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම සදහා ඡායාරූප නිර්මාණය කෙරේ. වර්තමානයේ මෙය බොහෝ විට නිශ්චල ඡායාරූප සදහා පමණක් අදාල වන බව පිළිගැනේ. ඇතැම් විට මාධ්‍ය විකාශන සඳහා භාවිතා වන වීඩියෝ පට සදහා ද භාවිතා වෙයි.

පහත කරුණු මගින් ඡායාරූපකරණයේ මාධ්‍ය භාවිතය සම්බන්ධව අවබෝධ කරගත හැක.

කාලීන බව – ඡායාරූප පත්‍රකලාවේදයේදී පළ කෙරෙන ඡායාරූප අර්ථයක් ගෙන දෙනුයේ ඒවා පල කිරීමට ආසන්න කාලයක පල වු සිදුවීම් වර්තාවන් පිළිබඳ සලකන විටය.

ඉලක්ක ගත බව – ඡායාරූප මගින් දැක්වෙන අවස්ථාව එහි අන්තර්ගතය සහ ඉදිරිපත් කෙරෙන විලාසය යන ද්විත්වයටම අනුව ඊට අදාල අවස්ථාවෙහි සාධාරණ සහ නිවැරදි නිරූපණයක් වේ.

විස්තර සහිත වීම – බලන්නාට හෝ පාඨකයාට ඡායාරූප මගින් කියවෙන කරුණු සංස්කෘතිකමය මට්ටමක සිට තේරුම් ගත හැකි ආකාරයට ඡායාරූප අනෙකුත් පුවත් කොටස් සමග සම්බන්ධ වේ.
මාධ්‍යකරණය තුල ලිපිරචකයින් මෙන්ම ඡායාරූපකරුවන්ද වාර්තාකරුවෙකු වශයෙන් සැලකේ. ඔවුන් බොහෝ විට ක්ෂණික තීරණ ගත යුතු වන අතර ඡායාරූපකරණය සඳහා අවශ්‍ය වන උපකරණද රැගෙන යා යුතු වේ. බොහෝ විට මෙම කාර්යය ඉටු කිරීමේදී සැලකිය යුතු තත්ත්වයේ බාධාවන්ට මුහුණ පෑමට ද ඔවුන්ට සිදුවේ.

නමුත් වර්තමානයේ ඡායාරූපකරණයේ මාධ්‍ය භාවිතය තුළ සදාචාරාත්මක සහ නෛතික ගැටළු කිහිපයක් මතුවෙමින් පවතී .

එය බොහෝ විට අනෙකුත් මාධ්‍යවේදීන්ට බලපාන සදාචාරාත්මක සහ නෛතික ගැටළුවලට සමානය.

ඡායාරූප ප්‍රවෘත්ති ආයතනයකට ලැබුණු පසුව ඒවා උප කතෘවරයෙකු ගේ හෝ ඡායාරූප කතෘවරයෙකුගේ භාරයට ගැනීමෙන් සදාචාරාත්මක ගැටලු අවම හෝ උපරිම කල හැකිය. එසේ වන්නේ ඡායාරූප කෙසේ භාවිතාවේද යන්න පිළිබඳව ඡායාරූප ශිල්පියාට කිසිදු බලයක් නොමැති හෙයිනි.
ඩිඡිටල් ඡායාරූපකරණය මගින් ඡායාරූප හැසිරවීම ප්‍රතිනිෂ්පාදනය සහ ව්‍යාප්තිය පහසු කල හැකි නමුත් සදාචාරාත්මක ගැටළු වර්ධනය කර ඇත.
වර්තමානයේ මේ සඳහා එක්සත් ජනපද ජනමාධ්‍ය ඡායාරූපකරුවන්ගේ සංගමය ඇතුලු වෘත්තීමය සංවිධාන මේ සම්බන්ධයෙන් සදාචාරාත්මක නීති පද්ධතියක් අනුගමනය කරයි.

එබැවින් ශ්‍රී ලංකාව තුළ ද මෙම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් ලංකාවේ වෙසෙන ඡායාරූප ශිල්පීන් ගේ අයිතිවාසිකම් ද සුරැකෙන අතර ඉතා සුබවාදී මාධ්‍ය භාවිතයක් මෙරට තුල ඇති කල හැකිය.

| සුපුනි ප්‍රතිභා මිදිපොලවත්ත©

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)