Breaking News

උසේන් බෝල්ට් ක‍්‍රීඩාවෙන් සමුගනී

කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් තමන් ක‍්‍රීඩාවෙන් සමුගන්නා දිනය පිළිබඳව ප‍්‍රකාශ කොට තිබෙනවා.2017 ලෝක ශූරතා මළළ ක‍්‍රීඩා තරගාවලියෙන් අනතුරුව ක‍්‍රීඩාවෙන් සමුගන්නා බවයි බ්‍රිතාන්‍ය පුවත්පතක් සමග පැවති සාකච්ජාවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ.

මීට පෙර මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යාන්තර ක‍්‍රීඩා පිටියෙන් සමු ගැනීමට ඔහු තීරණය කළා.තමන්ගේ අනුග‍්‍රාහකයා කල ඉල්ලීමකට අනුව තවත් වසරක් ක‍්‍රීඩා කිරීමට කැමැත්ත පල කර බවද උසේන් බෝල්ට් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ වන විට දිනා සිටින ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාව 6 කි.මීටර 100 සහ 200 තරග ඉසව් වල ලෝක වාර්තාවන්ද බෝල්ට් සතු වනවා.2017 ලෝක ශූරතා මළළ ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්වට පමණක් තමන් ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කලේ.ක‍්‍රීඩාවෙන් සමු ගැනීම ජයග‍්‍රහණයකින් අවසන් කිරීම තම එකම අරමුණ බව ඔහු මෙම සම්මුඛ සාකච්ජාවේදී සඳහන් කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)