Breaking News
Modi
Modi

උල් කතුරක් අරන් හොර පාස් එකකින් මෝඩි හිටපු වෙසක් සමුළුවට රිංගපු පුජකයා ?

අන්තර්ජාතික වෙසක් සමුළුව තියපු BMICH එකට අනවසරයෙන් ආගමික පුජකවරයකු වගේ සැරසිලා ආපු කෙනාව එදා අත්අඩංගුවට ගත්තා. මේ මාසේ 19 වෙනිදා වෙනකන් ඔහුව රිමාන්ඩ් භාරයේ තියන්න කියලා කොළඹ මහේස්ත්‍රාත් නියෝග කළා.

මේ විදියට අත්අඩංගුවට ගත්ත පුද්ගලයා සන්තකයේ තිබුණු අවසර පත්‍රය පරික්ෂා කිරීමේදී එහි නම සැකකරු විසින්ම ලියාගෙන තිබු බවත් එය ව්‍යාජ අවසර පත්‍රයක් බවත් හෙළිවුණා.

ඒ වගේම තමා මේ පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු ළඟ තිබිලා අඟල් 6ක් පමණ දිග කතුරක්ද සොයාගෙන තිබෙනවා. එම කතුර කුමන දෙයකට රැගෙන ආවාද යන්න පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

ප්‍රභූන් රැසක් පැමිණි අන්තර්ජාතික වෙසක් සමුළුව සඳහා පුජක වෙස් ගෙන අනවසරයෙන් මෙම පුද්ගලයා පැමිණියේ කුමන අපරාධයක් කිරීමටදැයි පුළුල් පරීක්ෂණයක් පවත්වනවා කියලා කුරුඳුවත්ත පොලීසිය අධිකරණය පවසා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)