Breaking News

ඇපල් ෆෝන් වලට ආපු අලුත් IOS 11 Install කරන්න එපා

ඇපල් සමාගම විසින් නිකුත් කල අලුත්ම මෙහෙයුම් පද්ධතිය ගැන මේ වනවිට ඔයාලා දන්නවා ඇති නේ . ඒක තමයි IOS 11 එක. කොහොමහරි ඉතින් ඒකෙ දැන් තියෙන එකට වඩා අමුතු වැඩ කෑලි ගොඩක් තියෙනවා. ඒ වගේම හොඳ වැදගත් වටිනා කියන දේවල්ද අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මචං තාම මේ IOS 11 එකේ BETA VERSION එක තමයි ඇවිල්ලා තියෙන්නේ.

හැබැයි මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් මේක INSTALL කරලා ඉවරයි. අපි කියන්නේ එහෙම INSTALL කරගන්න කලින් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හිතන්න කියල. මොකද මචං BETA එක කියන්නේ තාම ඒකෙ පරීක්ෂණ මට්ටමේ තියන නිසා.

මේ නිසා මචං මේක දාගත්තොත් ඔයාලට PHONE එක ලස්සන වුනත් ඇතුලේ තියෙන සමහර දේවල් වැඩ කරන එකක් නෑ. කොහොමහරි ඉතින් PHONE එකේ සිග්නල් වල ඊට පස්සේ APP ස් වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අඩුගානේ IOS 11 නිල වශයෙන් නිකුත් වෙනකන් INSTALL කරන්න යන්න එපා. මොකද තාම ඒකෙ තියෙන ප්‍රශ්න ගැන අපි දන්නේ නැති නිසා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)