Breaking News

ආයේ කතා කරන්න එපා මම තරහයි (Audio)

මොනවා නෑ ඔය බොරු ඔයා පහන් නෙමෙයි….

ඒක වෙන්න බෑ. ඔයා එයාගේ යාලුවෙක් විතරයි….

නෑ නෑ මම ඇත්තමයි කියන්නේ.
මම පහන්..

බොරු ඒක බොරුවක්….

කොච්චර කිව්වත් එයා පිලිත්තෙම නෑ.

බැරිම තැන මම එයාට මගේ id එක පෙන්නුවා.

එයා ඒක අතට අරගෙන කියෙව්වා..

ඒ ඇස් ටිකෙන් ටික රතු පාට වුනා.

දුකටද සතුටටද කියලා කියන්න මම දන්නේ නෑ ඒ ඇස් වලින් කඳුලු කැට එක දෙක වැටෙන්න පටන් ගත්තා.

(අඬමින්) ඔයා ඔයා පහන්ද….

ඔව් මම පහන් තමයි.

ඇයි මොඩයො මට ඒක කලින් නොකිව්වේ.

ඔයා ඔයා මහම මහ නපුරෙක්….

ආයේ කතා කරන්න එපා මාත් එක්ක මම තරහයි.

ඒ ඇස් මගෙන් විසි වෙලා බස් එකේ ජනේලෙන් අහක බලා ගත්තා.

ඒත් ඒ තරහ වුනේ සතුටට කියලා මට තෙරුනා.

එයා බස් එකෙන් බැහැලා ගියා .හැබැයි මං දිහා එක පාරක්වත් බැලුවේ නැහැ.

කමක් නෑ අපි ලබන සතියේ හම්බෙමු එතකං ආදරෙන් ඉන්න…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)