Breaking News

අපි මහා බය ජාතියක් බං

සුපුරුදු පරිදි ලුණුමිරිස් වෙත ඔබගේ බැණුම දැන්ද එලෙසම ලැබෙනු ඇත.නමුදු සූපවේදියා වන මා හට දෛනික රස්තියාදුවෙදී කන ගැටෙන කතාවක ස්වයං පාපොච්චාරණය මෙලෙස සටහන් තබමි.

පසුගිය සති අන්තයේ අම්මා සමග ගතකිරීමට කාලය සොයාගත්තේ සාමජයට සැපයු කටගැස්ම මොහොතකට නවතමිනි.එබැවින් මේ සතියේ සමාජ කටගැස්ම මෙලෙස ලියමි.

මේ දිනවල සමාජය මහා බියකින් වෙලී ඇත.එය තමන්ගේ ජීවිතාරක්ෂාව  පිළිඹඳ නොව.අනෙක් අයගේ ජීවිතාරක්ශාව ගැනය.එය වූ කල පළාත් බෙදීමක් සම්බන්දවද දේශපාලනික හා සාමාජීය වශයෙන් භීතිකාවක් හටගෙන ඇත්තේය.

එය උතුරේ ඒකීය පාලනය සම්බන්දව භීතිකාවක් බව කිවයුතුමය.

“උඹලා කවුද යකෝ වෙනම පාලාන ඉල්ලන්න.මතකනේ එකපාරක් වෙච්ච දේ .”

“මේවා අපට විතරයි තම්බි.සද්ද වහලා කටපියන් ඉන්න.”

මේ ගෙවෙන තප්පරයේ සමාජයේ කතාබහය.

මේ බියවී ඇත්තේ කුමකටදැයි කියා මා ඇතුළු බොහෝ දෙනෙකුට ගැටලුවකි.ඔවුන් පවසන පරිදි මෙලෙස ස්වයං පාලනයක් ලබා දුනහොත් පැහැදිලි ගැටළුවක් ඇති වන්නකි.එසේ කිරීමෙන් යලිත් රට යුද්ධයක පටලවෙන්නේය.මේ වර්තමාන දේශපාලයේද ,සමාජයේද අරුත් පැහැදිලි කරදීමකි.

මෙකී කාරණාවට අප බොහෝ දෙනා බියවී ඇත්තෙමු.ඒ අතර උඩරට විරුවන්ද ,පහතරට විරුවන්ද, රජරට විරුවන්ද මාහ සිංහල රාවයකින් අපට කොහෙත්ම නොතේරෙන ජාතිවාදයක් වපුරන්නේය.ඔවුන්ගේ උත්සාහය උතුරද තමා සතුව තබාගැනීමටය.උතුර දෙමළ ජාතියට ලිවියයුතුය යන තැන මමද නොසිටිමි.නමුදු දකුණේ ඇති සිංහල ස්වාදිපත්‍යයට එරෙහිව ඔවුන් අරගල කරන්නේ නැත.ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ භුමිය පමණකි.ඒ වෙනම රාජ්‍ය තැනීමට හෝ අරගල කිරීමට හෝ නොව ජීවත් වීමටය.

යුද්ධය නිමාවී හත්වන සැමරුම එළඹෙන 18වනදා අපි සමරන්නෝය.නමුදු මෙකී වසර හටම තවමත් උතුරේ හමුදා කඳවුරුය.එම ඉඩම් අපගේ නොව දෙමල සහෝදරයන්ගේය.සහෝදරියන්ගේය.ඔවුන් ඉල්ලනේ ඒ ඉඩම්ය. ඒ ජීවත්වීමටය.නමුත් කළුවරට බය අපේ ජාතිවාධියෝ උතුරට එරෙහිව යුධ ප්‍රකාශ කරලාය.

මුඨතත්වයේ ජාතිවාදයටද , මුහුණු පොත ඇතුළු සයිබර් අවකාශයේ සිටින බලකායන්ටද මත්කරදෙමි.දෙමල මිනිසාට කලියෙන් මෙරට ස්වයංපාලන අයිතිය උඩරැටියාය. වාර්තාමාන කුලසිරිතටද බලපෑ ඇත්තේ මෙකී කාරණාවම බව මතක තබාගත යුතුය. එය ෆෙඩරල් ඉල්ලන හෝ ඊට බයේ දඟලන කිසිඳු බටිල්ලෙක් නොදනී.ඔවුන් දැන් ෆෙඩරල් වලම මාර බය ය.

ෆෙඩරල් සමග එකඟ වී කෙලින්වෙන ඇතැම් සිත් “ස්වයං තීරණ අයිතිය” ඇසෙනවාට ඊටත් වඩා බියය.

මෙය වූ කලි වර්තාමාන සමාජ බිරාන්තවීමේ මාගේ ස්වයංපාපොච්චාරණයකි.

අවසාන වශයෙන් මෙලෙස ලියමි බයෙන් බිරාන්ත වූ සමාජයක් ජාතික සංහිඳියාව ගැන කවර කතාද?

හැමෝම ලැබෙනවාට කැමතිය ,නමුත් බියය.හරියට “ලුණු මිරිස්”වැනිය.

සැරයි හැබැයි රසයි

– සූපවේදියා –

Please follow and like us:

One comment

  1. Menik Abeysekara

    මම දන්නා තරමට දෙමළ අයට උතුරේ ජීවත් වෙන්න කිසිම තහනමක් නෑ. එයාලත් අපි මේ ඉන්නව වගේම ඉන්නව. ඉතින් aඅයි තව ස්වයං පාලනඅ අයිතීන්? මේ අපි ඉන්නව වගේම ජීවත් උනාම ඉවරනෙ. එයාලව මරාගෙන කන්නෙ නැහැනෙ කවුරුත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)